rathnepura-incident

තෑගි ඔප්පු­වෙන් පැවරූ කෝටි 10ක් පමණ වටිනා දේපළ ඉක්ම­නින් අයිති කර­ගැ­නී­මට උත්සා­හ­යක යෙදුණ ඥාති දිය­ණි­යයි සැමි­යයි දේපළ හිමි ඥති විශ්‍රා­මික ගුරු­ව­රි­යව කුස­ගින්නේ තබා නිවෙසේ කාම­ර­ය­කට දමා දොර වසා ක්‍රෑර ලෙස පොලු­ව­ලින් පහ­රදී බර­ප­තළ තුවාල සිදු කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධව ඇන්ඳාන පොලි­සි­යට 24 දා පැමි­ණි­ල්ලක් ලැබී ඇතැයි පොලි­සිය පව­සයි.

පොලු­ව­ලින් පහර දීම නිසා බර­ප­තළ ලෙස තුවාල ලැබූ රක්වාන, පන්නිල පදිංචි විශ්‍රා­මික ගුරු­ව­රි­යක් වන 74 හැවි­රිදි ඩී.ජී. ලීලා­වතී මහ­ත්මිය කහ­වත්ත මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇත. ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කහ­වත්ත රෝහ­ලින් රත්න­පුර ශික්‍ෂණ රෝහ­ලට යවා ඇත.



වසර 32ක් පමණ ගුරු සේවයේ යෙදුණ තමා අවි­වා­හක බවත් තමාට ඉඩම් රත්රන්, මුදල් හා කෝටි 10ක් පමණ දේපළ හිමි බව ඇය පව­සයි. තමා අවි­වා­හක නිසා දැනට පදිං­චිව සිටින්නේ තමාගේ සහෝ­ද­ර­යෙ­කුගේ දිය­ණි­යත් ඇයගේ පුරු­ෂ­යාත් දරු­වන් දෙදෙ­නාත් සමඟ යැයි පැවසූ ඇය සහෝ­ද­ර­යාගේ දිය­ණිය හා ඇයගේ පුරු­ෂයා තමාට මුල් අව­ස්ථාවේ සැලකූ නිසා ඇය කෙරෙහි විශ්වා­සය තබා තමාට හිමි දේපළ තෑගි ඔප්පු­ව­කින් ඇයට ලියා­දුන් බව ඇය පව­ස­න්නට වූවාය. මෑත කාල­යක පටන් තම ඥාති දිය­ණි­යත් ඇයගේ පුරු­ෂ­යාත් තමාට වෙන­ස්කම් කිරී­මට පටන් ගත් බව ඇය පව­සයි.

දින ගණ­නා­වක් හරි­හැ­ටි­යට කෑමට ආහාර ලබා නොදුන් තම ඥාති දිය­ණිය සිද්ධිය වූ දින ඉකුත් 24 වැනිදා සවස 2.00ට පමණ ඥාති දිය­ණි­යගේ දරු­වන් නිවෙසේ නොසිටි අව­ස්ථාවේ ඇයගේ සැමියා සමඟ තමාව කාම­ර­ය­කට දමා බිමට තල්ලු­කර පොලු­ව­ලින් පහර දුන් බව පව­සන ලීලා­වතී මහ­ත්මිය තම දේප­ළ­වල අයි­තිය ඉක්ම­නින් අයි­ති­කර ගැනීම සඳහා මෙවැ­න්නක් කර­න්නට ඇතැයි සිතන බවත් දින ගණ­නක් නිසි අහ­රක් නැතිව කාම­රය තුළ සිටි­යදී අස­ල්වා­සීන්ගේ දැනුම් දීමක් අනුව නිවෙ­සට පැමිණි ඇන්ඳාන පොලි­සියේ නිල­ධා­රීන් කාම­රයේ දොර විවෘත කර පිට­තට ගෙන තමාව කහ­වත්ත මූලික රෝහ­ලට ගෙන ගොස් ඇතු­ළත් කළ බවත් පසුව කහ­වත්ත මූලික රෝහ­ලින් රත්න­පුර ශික්‍ෂණ රෝහ­ලට යැවූ බව වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.

ලීලා­වතී මහ­ත්මි­යට ඇඳෙන් නොබ­සින ලෙස වෛද්‍ය­ව­රුන් ලබා­දුන් උප­දෙස් අනුව රත්න­පුර ශික්‍ෂණ රෝහලේ අංක 30 වාට්ටුවේ ප්‍රති­කාර ලබ­මින් සිටියි.
(එන්.පී. රාජ­දොරේ)