rohitha-ranil

මහින්ද රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙවර ජනපතිවරනයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කර ඇතැයි වාර්තාවේ.




අද දහවල් කළුතරදී පැවැති රැස්වීමක අති විශාල ජනතාවක් ඉදිරියේ ඔහු මෙම තීරණය ප්‍රකාශ කර තිබේ.

රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රීක් ජනතාව සහ දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජානාධීපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීමට කටයුතු කරන බව දන්වා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු වන්නේද ඔහුය.