sajith-dayasiri

කොළඹ වොර්ටස් එජ් හෝටලයේදී සමඟි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පාර්ශවය අතර අද (7)කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.ඊට තිලංග සුමතිපාල හා රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු ශ්‍රීලනිප පිරිසක් සමග සජිත් ප්‍රේමදාස සමග සජිත්පිලේ පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පාර්ශව තුනක් ලෙස කටයුතු කරමින් සිටින අතර අනෙක් පාර්ශ්ව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාටත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් සහය දක්වමින් පසුවෙයි.



 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර කියද්දී නිමල් සිරිපාල ප්‍රමුඛ පිරිසද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහය දෙන්නේ රනිල් වික්‍රමසිංහට බව මින් ඉහත ප්‍රසිද්ධ කරන ලදි.
මේ හේතුවෙන් ශ්‍රිලනිප පාක්ෂිකයින්ට කිසියම් අතරමං වීමක් හෝ නොපැහැදිලි බවක් මතුකර ඇත.



පක්ෂය කොටස් වලට කඩාගෙන තමන් පක්ෂයේ මතය යයි කියමින් එක් එක් අයට සහය දැක්වීම හාස්‍යය මතු කර තිබෙන අතර බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ පක්ෂය අවසානයේ මේ ආකාරයට කැබලිවී ඇති අයුරක් හදුනාගන්නට ලැබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස පෙනී සිටින තිලංග සුමතිපාල සහ ශ්‍රිලනිප හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු ද එක්ව සිටින්නේ දයාසිරි පිලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක්ද ගොනු කර ඇති අතර ඉදිරියට විභාග කිරීම වළ ක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන පසුගියදා අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.

 
පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවයි.
මේ ආකාරයට නඩු කියමින් තමන් අහවල් කීර්තමත් පක්ෂයේ යයි කියමින් ඔවුන් දෙකට බෙදී අපේක්ෂකයින් දෙන්නෙකුට සහය දක්වන්නට උත්සාහ කර තිබේ.
නිවැරදි ශ්‍රීලනිප දැනගැනීමට අවශ්‍ය බව කියමින් මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණයේ පිහිට පතා තිබෙන බවද ඊයේ වාර්තා විය.