samagi-jana-sandhana-launch

''සැමට ජයක් සමගි රටක්'' යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (08) නිල වශයෙන් එළිදැක්විණි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව, එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩ නැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
මෙරට ඉතිහාසයේ ගොඩනැගෙන දැවැන්තම සන්ධානය එය බව පසුගිය දා සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ප්‍රකාශ කර සිටි අතර නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහ උතුර - නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වේ. ඡායාරූප එකතුව පහතින්     
gossiplanka01 gossiplanka02 gossiplanka03 gossiplanka04 gossiplanka05

gossiplanka06 gossiplanka07 gossiplanka08 gossiplanka09 gossiplanka10 gossiplanka11 gossiplanka12 gossiplanka13 gossiplanka14 gossiplanka15 gossiplanka16 gossiplanka17

gossiplanka18 gossiplanka19 gossiplanka20 gossiplanka21 gossiplanka22 gossiplanka23 gossiplanka24 gossiplanka25 gossiplanka26 gossiplanka27

gossiplanka28 gossiplanka29 gossiplanka30 gossiplanka31 gossiplanka32 gossiplanka33 gossiplanka34 gossiplanka35 gossiplanka36 gossiplanka37 gossiplanka38 gossiplanka39