samurdi-issue

සමෘද්ධි ලාභීන්ගේ ඉතුරුම් ගිණුම්වලින් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී තිබුණු රුපියල් කෝටි  5,359ක මුදලකින් කෝට් 5,329 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.




මෙම මුදල් නිකුත් කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු වලින් බැහැරව බව ද එම වාර්තාවේ දැක්වේ. මේ අතර සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014- 2018 අතර කාලයේදී කෝටි එකොළහකට වැඩි මුදලකට අදාළ වංචා 135 ක් සිදුවී තිබූ බව පවසන විගණන වාර්තාව 2019 සහ 2023 අතර කාලයේදී කෝටි 14 කට වැඩි මුදලකට අදාළ වංචා 92 ක් සිදුව තිබූ බව ද සඳහන් කරයි.


දෙපාර්තමේන්තුවේ මියගිය නිලධාරීන් වෙනුවෙන් 2012 වර්ෂයේදී රුපියල් රුපියල් කෝටි දෙකකට වැඩි වන්දි මුදලක්  අවිධිමත් ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සේවකයන්ගේ ණය ලිපිගොනු අනාරක්ෂිත ලෙස ගබඩාවල තැන්පත් කර තිබීම හේතුවෙන් ලිපිගොනු පනස් නවයකින් තිස් එකක් අස්ථානගත වී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
(සුජිත් හේවාජුලිගේ)