ප්‍රකට රංගන ශිල්පියෙකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු වන කවිංග පෙරේරා විවාහව සිටි වෛද්‍ය සනායා පෙරේරා මහත්මිය පසුගිය 05 වනදා උදෑසන ගුවන් යානයකින් දිවයිනට පැමිණීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදුන් බව වාර්තා විය.


වාර්තාවන ආකාරයට ඩුබායිහි රැකියාව කරමින් සිටි ඇය ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඇයට එරෙහිව නඩුවක් පවතින බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයක් ඇති බවත් ඇය විදෙස්ගතව සිට එද්දී හසුවන්නේ මේ සංසිද්ධිය නිසා බවත් පැවසේ.
37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන සනායා ඩුබායිහි රූපලාවණ්‍ය සම්බන්ධ (Cosmetic) වෛද්‍ය සේවාවන්හි රැකියාවේ නිරතවන්නියක වන අතර චීනයේ ටියැන්ජින් විශ්ව විදයාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත්තියකි. ඇය ලංකාවේදී කේඩීයූ රෝහලට අනුයුක්තව පුහුණුවද ලබා ඇත.

කවිංග සමග 2018 දී විවාහවූයේ යෝජනාවකින් පසු ඇරඹි වසර 2 ක පමණ පෙම් සබඳතාවයකිනි.

ඔවුන් එතැන් සිට 2024 මැයි දක්වා කාලයේ වසර 6 ක් පමණ විවාහව සිටි නමුත් ඇගෙන් වෙන්වූ බව කවිංග පසුගිය ජූලි මස මාධ්‍ය වෙත පැමිණ පවසා සිටියේය. ඔහු කියා තිබුනේ දෙන්නා අතින්ම වැරදි සිදුවූ බවයි.
 කාවිංග පෙරේරා ගේ හිටපු බිරිඳ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත  5 වනදා උදෑසන 08.50 ට පැමිණමින් සිටියදී ,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමෙන් පසු
ගුවන් තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත භාරදීමෙන් පසු ඇප මත නිදහස ලබා ඇත.


‍වාර්තාවන අන්දමට ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇයද නොදන්නා නඩුවක වරෙන්තුවක් පිටය.
සනයාට අයත් ඉඩමක් මිලදී ලබාගැනීමට ගිවිසුමක් අත්සන් කර අත්තිකාරම් ලෙස ලක්ෂ 10 ක් ලබාදී ඇති කාන්තාවක ඇතුළු පිරිසක් පසුව තීරණය වෙනස් කර ඉඩම ලබානොගන්නා බව දන්වා ඇති අතර මේ නිසා ලබාදුන් මුදලින් ගිවිසුම් ප්‍රකාරව ලක්ෂ 8 ක් ඔවුන් වෙත නැවත ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.සනායාගෙන් රුපියල් ලක්ෂ 8 ලබාදීමට නීතීඥ උපදෙස් මත එම පාර්ශ්වයෙන් කාර්යාල ලිපිලේඛන කිහිපයක් අවශ්‍ය බව දන්වා තිබෙන නමුත් මේ කියන කාන්තාව ඇතුළු පිරිස එම ලිපි ලේඛන ලබාදීම දිගින් දිගට පමාකර තිබේ.

මේ නිසා සනායා පාර්ශ්වයෙන් ඒවා ලැබෙනතුරු මුදල් නැවත ලබාදී නැත. මේ අතරවාරයේ ඇය විදෙස්ගතව සිටියදී ඔවුන් ඇය මුදල් ලබාදුන්නේ නැතැයි කියමින් වරෙන්තුවක් ලබාගෙන ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් පැය කිහිපයකින් ඇය ඇප මත නිදහස්ව තිබෙන අතර සනායා මේ සම්බන්ධ නීතිමය කාරණා එම පාර්ශ්වය සමග ඉදිරියට සිදුකරන බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධ විමර්ශන ඉදිරියට සිදුවේ.