2024 ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණියේ නැත.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ රු 75000 ක ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මෙලෙස නාමයෝජනා භාරදීම මග හැරි බවයි. ඒ අනුව ඇප මුදල් තැන්පත් කළ 40 න් 39 ක් පමණක් ජනපති මැතිවරණයට ඉදිරිපත් කරන්නට අද තීරණය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සරත් කුමාර ගුණරත්න හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුද විය.
0 Comments