seeduwa-incident

සිදුව, කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී ඊයේ (8) අලුයම සැරයන්වරයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ බව කියන අයකු වෙඩි වැදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි සීදුව පොලිසිය පවසයි.පොලිස් සැරයන්වරයා ද කකුලට වෙඩි වැදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබ සීටී.සිද්ධියෙන් පසු මෝටර් රථයේ රියැදුරු මෝටර් රථය ද එම ස්ථානයේ දමා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.



වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලාවත්තේ පොලිස් සැරයන්වරයා ද කකුලට වෙඩි වැදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබ සීටී.සිද්ධියෙන් පසු මෝටර් රථයේ රියැදුරු මෝටර් රථය ද එම ස්ථානයේ දමා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලාවත්තේ හෙට්ටියාවල කුඩාගමගේ ශානික දේශාන් නමැති තිස් අට හැවිරිදි අයකු බව පොලිසිය කියයි.


සීදුව කොටුගොඩ මාර්ග බාධකයේදී සීදුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එම මෝටර් රථයේ වම් පස අසුනේ සිටි පුද්ගලයකු සැරයන්වරයකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී සිදු වූ පොර බැඳීමේදී ගිනි අවිය පත්තුවී පොලිස් සැරයන්ගේ පාදයකට සහ අනෙක් පුද්ගලයාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පොලිසිය කියයි.


මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොහු මිය ගොස් ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේදී මෝටර් රථයේ රියැදුරු මෝටර් රථය ද දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. පලා ගිය පුද්ගලයා සොයා වැඩිදුර විමර්ශන පවත්වයි.මොවුන් කිසියම් අපරාධයකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන්දැයි සොයා බැලීමට විමර්ශන කරන බව සිදුව පොලිසිය කියයි.

  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය