sjb-bandarigoda-hirunika

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මනූෂ නානායක්කාර ඉවත්ව පුරප්පාඩුවන සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

හරීන් ප්‍රනාන්දු ඉවත්කිරීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂය සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බව දන්වා ඇත.



සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න ,රංජිත් මද්දුම බණ්ඩාර, ඩයනා ගමගේ හා හරීන් ප්‍රනාන්දු යන අය මුලින් නම් කර තිබූ අතර ඩයනා ගමගේද උසාවි නියෝගයකින් ඉවත් කිරීම නිසා මුජිබර් රහුමන්  මන්ත්‍රීවරයාට එම හිස් අසුන ලබාදුන්නේ ඔහු පලාත් පාලන නාම යෝජනා වෙනුවෙන් මන්ත්‍රී ධූරයක් කැප කළ නිසාය. මේ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු ඉවත්කිරීමෙන් ඇතිවන හිස් අසුනට හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නම යෝජනා ඇති මුත් තවම අවසන් නිගමනයකට පැමිණ නැත. ඇය ඡන්ද ඉල්ලා පරාජිත අයගේ ලැයිස්තුවේ සිටින අයෙකු වන නමුත් ජාතික ලැයිස්තුවට ඇතුළත් කර මන්ත්‍රී ධූරයක් ලබාදීමට හැකියාව ඇත.


මීට අමතරව ජාතික ලැයිස්තුවේ සිටින අනෙක් අය වන්නේ,
මාර්ක් සුරේන් ප්‍රනාන්දු, ප්‍රදීප් කරුණාසූරිය, සුභාෂ් රවී ජයවර්ධන, සිසිර කුමාර කාරියප්පෙරුම, ගුණරත්න වන්නිනායක, මොහොමඩ් නිසාම් කාරියප්පර්, මහිම් මෙන්ඩිස්, ශිරාල් ලක්තිලක, මෛත්‍රී පෙරේරා, ඇන්ටනි ලෝරන්ස්, තේවර් කුරුසම්, ශ්‍රියානි පත්මකුලසූරිය, හර්ෂනී රත්නසූරිය කීර්තිනන්ද, චමීර ඉරෝෂණ පෙරේරා, අර්ල් ගුණසේකර, මයිල්වාගනම් තිලකරාජා, මොහොමඩ් අසාද් සාලි, අබ්දුල් ලතීෆ් මුහමදු සබීල්, අබ්දුල් රහුමාන් මන්සූර් සහ හුසේන් අහමඩ් බහිල යන අයයි.