sm-speaks-about-namal

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදු කරන එකම දෙය තම පියාවන මහින්ද රාජපක්ෂ විකුණාගෙන කෑම පමණක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.





ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදක්වන පොහොට්ටුවේ මන්ත්‍රී පිරිස රාජපක්ෂ පවුලට පමණක් සීමා වනු ඇති බවද හෙතෙම කියා සිටී.

ජනාධිපතිට සහාය දැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් විකල්ප පොදුජන පෙරමුණක් ලෙස කටයුතු කරන බවද හෙතෙම කියා සිටී.

මෙවර ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙන්ම රටෙන්ම පොදුජන පෙරමුණ අන්තිම තැනට ඇද වැටෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

අනුරාධපුරේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.