somawathie-death

තමන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන අවසන් කැමැත්ත ප්‍රකාශ කර ලියුමක් තබා විෂ බීජ­ තුවාල නිසා මිය ගිය දෙදරු මවකගේ හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී වැඩිමල් පුතා අපහසුවෙන් ඇය රැකබලාගත් ආකාරය ගැන අනුවේදනීය කතාවක් හෙළි විය.

මෙලෙස මිය ගොස් තිබුණේ බුල­ත්කො­හු­පි­ටිය පොලිස් වසමේ උඳු­ගොඩ තිය­ඹ­රා­හේන ග්‍රාමයේ පදිං­චිව සිටි 77 හැවි­රිදි කාරි­ය­ව­සම් මද්දු­මගේ සෝමා­වතී නැමැති දෙදරු මවකි.

මිය ගොස් ඇති දෙදරු මවගේ දකුණු කකුලේ දණ­හිස ආස­න්නයේ තුවා­ල­යක් සෑදී වැඩි­ම­හල් පිරිමි දරුවා ඇයව කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබුණි.කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි මව පෙරේදා(08) සවස මිය ගොස් තිබුණි. මිය ගිය මවගේ හදිසි මරණ පරී­ක්ෂ­ණය ඊයේ(09) කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක කිත්සිරි රණ­සිංහ මහතා ඉදි­රි­යේදී කෑගල්ල මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය ඒක­කයේ දී සිදු කෙරිණි.

එහිදී අද­හස් දැක්වූ මිය ගිය වයෝ­වෘද්ධ මවගේ වැඩි­ම­හල් පිරිමි දරුවා වන උපාලි ගුණ­ව­ර්ධන මහතා මෙසද පැව­සීය.

පියා වර­කා­පොළ ආර­ච්චි­ල්ලාගේ ගුණ­ව­ර්ධන.මට පාලිත කියලා බාල සහො­ද­ර­යෙක් සිටි­නවා. මට අවු­රුදු නව­යක් විතර වෙද්දී තාත්තා මිය ගියා.තාත්තාගේ මහ ගෙදර බුල­ත්කො­හු­පි­ටිය උදු­ගොඩ තිය­ඹ­රා­හේන කියන ගම.තාත්තා මිය ගියාට පසු අම්මා මල්ලිත් අර­ගෙන දැර­ණි­ය­ගල සම­න්පු­ර­ගම අම්මාගේ ගමේ පදිං­චි­යට ගියා.මම තිය­ඹ­රා­හේන අත්තා කිරි අම්මා ළඟ නතර වුණා.මල්ලී විවාහ වෙලා අම්මා සමඟ දැර­ණි­ය­ගල නිවසේ පදිං­චිව සිටියා.

දැර­ණි­ය­ගල සිටිය දී අම්මාට පිළි­කා­වක් හැදී අපේක්ෂා රෝහ­ලෙන් නේවා­සි­කව ප්‍රති­කාර ගත්තා. පිළි­කාව හොඳ වුණා. ප්‍රති­කාර ගැනීම නතර කර දැම්මාට පස්සේ අම්මාගේ ස්නායු දුර්වල වෙලා මාන­සි­ක­ත්වය අඩු වුණා.ඊට පස්සේ මම මීට අවු­රුදු 15කට පමණ ඉහ­තදී අම්මා මම පදිං­චිව සිටින තිය­ඹ­රා­හේනේ නිව­සට ගෙනත් පේරා­දෙ­ණිය මහ රෝහලේ නතර කළා. පස්සේ මාන­සික රෝග පිළි­බඳ වෛද්‍ය­ව­රි­යක් අම්මාට ප්‍රති­කාර දුන්නා. අම්මාට තව­දු­ර­ටත් ප්‍රති­කාර ගන්න කියලා කෑගල්ල මහ රෝහ­ලට හදලා දුන්නා.

අම්මාට ඇද තුවාල ආවා.ඒ තුවා­ල­ව­ලට ප්‍රති­කාර කර හොඳ වුණා.දිය පට්ට තුවාල අත්වල කකු­ල්වල ආවා.ඒ තුවා­ල­ව­ලට කඹ­ග­මුව ග්‍රාමීය රෝහ­ලෙන් ප්‍රති­කාර ගත්තා.හොඳ වුණා.අම්මාගේ තුවාල පැස­වන්න ගත්තා.අම්මා කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර නේවා­සි­කව ප්‍රති­කාර ලබා දුන්නා. මීට දවස් තුන හත­ර­කට ඉහ­තදී අම්මා බලන්න මම කෑගල්ල මහ රෝහ­ලට ආපු­වාම තුවා­ලය හොඳ වුණාම ගෙදර යමු කියා අම්මා මට කිව්වා.මම දව­සට තුන් වතා­වම අම්මා බලන්න කෑගල්ල මහ රෝහ­ලට එනවා යනවා.

මම පෙරේදා(08) සවස 5.00ට අම්මා බලන්න ආවා. ඒ ආවාට පස්සේ මම දැක්කා අම්මා හයි­යෙන් හුස්ම ගන්නවා.ඒ හුස්ම ගැනීම එක පාරට නතර වුණා. පස්සේ මම වාට්ටුවේ වෛද්‍ය­ව­රුන්ට කිව්වා. වෛද්‍ය­ව­රුන් ඇවිත් අම්මාගේ පපුව මසාජ් කර බැලුවා. පස්සේ වෛද්‍ය­වරු කිව්වා අම්මා මිය ගිහින් කියලා.

මල්ලිට දුර­ක­ත­න­යෙන් කතා කර කිව්වා. මල්ලියි මමයි කෑගල්ල මහ රෝහ­ලට ඇවිත් අම්මාගේ දේහය හඳු­නා­ගෙන මරණ පරී­ක්ෂ­ණ­යට පෙනී සිටියා. මට මේ මර­ණය ගැන සැක­යක් නෑ යැයි පැව­සීය.

අම්මාට මම ගොඩක් ආද­රේයි.මට පුළු­වන් විදි­යට කුලී වැඩ කර හම්බ කරලා අම්මාට කෑම බීම ගෙනත් දීලා සැල­කුවා.අම්මා අස­නීප වුණාට පස්සේ සිය­ලුම කැත කුණු අත ගාලා හැම­දේම කළේ මම.

මිය ගිය දෙදරු මව විසින් 2007 අප්‍රේල් 2 වැනිදා අව­සන් වරට ලියා තිබුණු ලිපි­යක් වැඩි­ම­හල් පිරිමි දරුවා වන උපාලි ගුණ­ව­ර්ධන නැමැත්තා විසින් හදිසි මරණ පරී­ක්ෂක කිත්සිරි රණ­සිංහ මහතා වෙත ඉදි­රි­පත් කළේය.
එහි අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සටහන් කොට තිබිණි.
හදිසි මරණ පරී­ක්ෂක කිත්සිරි රණ­සිංහ මහතා මිය ගොස් ඇති මවගේ දරු­වන් දෙදෙනා හමුවේ මෙසේද පැව­සීය.

වර්ත­මා­නයේ සල්ලි මිල මුදල් යහ­මින් තිබෙන දරුවෝ මවු­පි­යන්ට සල­කන්නේ නෑ.ගහ­නවා බනි­නවා මර­ණවා. මහ පාරට ගෙනත් දානවා. වැඩි­හිටි නිවා­ස­ව­ලට ගිහිල්ලා දානවා. තව දේපොළ සල්ලි ඉල්ලලා රණ්ඩු කර­නවා. මොනවා ද උඹලා අපට දීලා තිබෙන්නේ කිය­නවා. එවන් කාල­යක මේ අම්මාට ගැහැනු දරු­වකු ද නැතිව පිරිමි දරු­ව­න්ගෙන් ඇප උප­ස්ථාන ලබා ගන්න වාස­නා­වන්ත වෙලා තිබෙ­නවා. ඔය දෙන්නා පුංචි කාලයේ මේ මිය ගිහින් තිබෙන අම්මා ඇසේ මුහුණේ තියා­ගෙන හදා වඩා ගන්න ඇති.ඒ අම්මා වය­සට ගියාට පස්සේ පිරිමි දරු­වන් කැත කුණු අත ගාලා පිරි­සුදු කරලා රැක බලා ගත්ත එක වර්ත­මා­නයේ සිටින තරුණ දරු­වන්ට හොඳ ආද­ර්ශ­යක් හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා පැව­සීය.

මිය ගිය මවගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කෑගල්ල මහ රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය සුරංග කුල­තුංග මහතා විසින් ඊයේ(09) සිදු කරන ලදී.කකුලේ සෑදී තිබුණු තුවා­ල­ය­කට විෂ බීජ­යක් ඇතුළු වී බහු­විධ අව­යව අක­ර්මණ්‍ය වීමෙන් වු ස්වාභා­වික මර­ණ­යක් බවට කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂක කිත්සිරි රණ­සිංහ මහතා තීන්දු කළේය.

බුල­ත්කො­හු­පි­ටිය පොලි­සියේ පොලිස් කොස්තා­පල් රාජ­පක්ෂ (99993) නිල­ධා­රියා විම­ර්ශන කට­යුතු සිදු කළේය.

(කෑගල්ල චමින්ද ජය­ලත්)