sri-lanka-defeated-india

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
දීර්ඝ කාලීන පරාජ වැලකින් පසු ක්‍රිකට් නරඹන්නන් ක්‍රිකට් නැරඹීම අත්හැර දමන්නට තීරණය කල කාලයක මෙම ජයග්‍රහණය මතුවේ.
අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කර තිබුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.
මෙම ජයග්‍රහණය පසුපස සිටි ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.
වැන්ඩර්සේගේ මෙම පන්දු යැවීම (6/33) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දුව යැවීම වන අතර හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) ය.
විස්සයි 20 ලෝක ශූරතාව මෑතකදී දිනා සිටින ඉන්දීය පිල කුසලානය ලද පසු ලබාගත් පළමු තරග පරාජය මෙය විය.