sri-lanka-india-series-win

අද (7) කොළඹ ආර්ප්‍රේමදාස පිටියේ පැවති සංචාරක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසාන එක්දින ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ අනුව මෙම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
කාසියේ වාසිය දිනා පිතිකරණයේ මුලින් යෙදුනු ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී ලබාගත් 248 /7  ට පිළිතුරු ඉනිමේදී ඉන්දීය පිල අසාර්ථකවූ අතර ඕවර 26.1 දී සියල්ලන් දැවී ලබාගත්තේ 138 ක් පමණි.වැඩිම ලකුණු ගත්තේ රෝහිත් ෂර්මා 35 ක් පමණි.
අද තරගයේ දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක් ලබා දස්කම් දැක්වූ නිසා මෙම ජයග්‍රහණය පහසු විය. මහේෂ් තීක්ෂණ හා වැන්ඩර්සේ කඩුලු 2 බැගින් ලබා තිබුනි. පිතිකරණයේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 96 ක්ද කුසල් මෙන්ඩිස් 59 ක්ද ලබා දස්කම් දක්වා තිබුණි.
තරගාවලියේ එක්දින පළමු තරගය සමවූ අතර දෙවැනි තෙවැනි තරග ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කෙරිණි. ඒ අනුව එක්දින තරගාවලී ජය 2-0 ලෙස ශ්‍රී ලංකා පිල සතු විය. (විස්සයි 20 තරගාවලිය ජයගත්තේ ඉන්දීය පිලයි)