ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම දර්ශක වල ඉහළට ඔසවා තැබීමේ සහ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් වර්ධනය කිරීමේ අරමුණින්, මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා/සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට
යෝජිතව ඇත. එම අවබෝධතා / සහයෝගීතා ගිවිසුම් විදේශ කටයුතු අමෘත්යාගයේ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සහ විදේශ සම්පත් සඳපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිරිදේශ වලට අනුකූලව සකස් කරනු ලැබ තිබේ.
ඒ අනුව. අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්රයන්හි අන්‍යෝන්‍ය සහභාගීත්වයන් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි විශ්ව විද්‍යාලයේ භාරකාර මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ආචරණ අනුමැතිය සඳහාත්,
පහත සඳහන් අවබෝධතා/සහයෝගීතා ගිවිසුම් වලට අත්සන් කැවීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිසක් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒවා මෙසේය.
ධාරිතා සංවර්ධනය, පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ පර්යේෂණ සිදු කිරීමේ අරමුණින්, යාපනය විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ විශ්වවිද්‍යාලය අතර සහයෝගීතා ගිවිසුම.
හෙද ක්ෂේත්රයේ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම, දෙරට අතර සිසුන්ගේ අධ්‍යාපනික හුවමාරුව හා ක්ෂේත්රයට අදාළ අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධනය කිරීමේ අරමුණින්, සස්රාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් කොප්කින්ස් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
ඖෂධවේදී අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, ශිෂ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරු කර ගැනීමට අදාළව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මහජන චීන සමුහාණ්ඩුවේ හුනාන් චීන වෛද්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
ගෝලීය මට්ටමින් විද්‍යාත්මක දැනුම් හා සංස්කෘතික සම්ප්‍රදායන් හුවමාරු කර ගැනීමේ අරමුණින් අන්‍යෝන්‍ය එකඟතාව මත ක්‍රියාකාරකම් වලට එළැඹීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගමේරිලන්ඩ් විශ්ව විද්‍යාලය අතර අවබෝධනා ගිවිසුම
අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්රයේ ප්රගතිතය උදෙසා අධ්‍යයන කාර්ය මණ්ඩල සුවමාරු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ ජසානයේ මෙසියි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
සමුද්‍රිය රාජ්‍යයන්හි සහයෝගීතා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය අතර අවබෝධතා ගිවිසුම්.
ශාස්ත්‍රීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමත් දෙපාර්ශ්වය අතර ඵෙතිහාසික, සංස්කෘසික හා බුද්ධිමය සබඳතා ශක්තිමත් කිරීමත් අරමුණු කර ගැනිමින්, කැලණිය විශ්ව විද්‍යාලය සහ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම්.
අධ්‍යයන පර්යේෂණ ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ වියට්නාම් බෞද්ධ ඇකඩමිය අතර අවබෝධකා ගිවිසුම.
0 Comments