ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා 89 වැනි වියේදීද ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන මහතා 93 වැනි වියේදීද ජීවිතයෙන් සමුගෙන තිබේ.
සුගතපාල සෙනරත් යාපා හන්තානේ කතාව,සාමා,දස්කොන් සහ පෙම්බර මධු,ඉන්දුට මල් මිටක් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා ලෙස ඔහු හැඳින්විණි.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වූයේය.
අකුරැස්ස මලුදූව එරළුව ගම්මානයේදී උපන් ඔහු සිනමා ගමන ආරම්භ කරන්නේ හන්තානේ කතාව සිනමා පටයෙනි. ඒ ඔස්සේ
විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත බිහිකරන්නේය.
ජ්‍යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන මහතා ද අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය.
මලින බැඳි පියමං ,විප්ලවයේ කැරලිකාරයෝ, සරදියෙල්, ගරු මාංචු ,යාපනේ සිංහල බේකරිය, රාසම්මා, මනුෂ්‍යත්වයට වෙඩිතබනු ලැබේ ආදී ග්රන්ථ රැසක කතුවරයා විය.
ඔහු රචිත කෙටිකතා රැසක් රුසියා බල්ගේරියා සහ ජර්මානු සාහිත්‍යයටද පරිවර්තනය කෙරිණි.
ශ්‍රී ලංකා ජාතික ග්රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති වරයකුද වන ඔහු ප්‍රගතශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛන පෙරමුණේ ද කටයුතු කළේය. අවසන් කටයුතු 28 වැනිදා සවස 4.00ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ.
0 Comments