තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක් අගෝස්තු මස 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් චතුර ඒ. දිසානායක මහතා ඊයේ (12 වැනිදා) නියෝග කළේය.
රක්ෂිත භාරයට පත් කළ ශිෂ්‍යයින් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තබන ලෙසත් සැකකාර කාන්තාව බන්ධානාගාර ගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනය සිදුකිරීම, බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම, ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11)දා මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර එයට අනුබල දුන් කාන්තාව සහ සැකකාර පාසල් ශිෂ්‍යයින් ඉකුත් (12)දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර, මොනරාගල කොට්ඨාස ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුරේඛා ද සිල්වා මහත්මිය ඇතුළු පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි.
අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේම සිසුවකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇත. එම සිසුවා දැරිය රවටා යහළුවකුගේම නිවසකට රැගෙන ගොස් තිබේ.
පසුව එහි සිටි තවත් සිසුන් දෙදෙනකු සමග දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ කර ඇත. පසුව එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතක දී එම පාසලේම සිසුන් හා ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළුව විසි එක් දෙනෙකු එක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බව කියැවේ.
(බඩල්කුඹුර රවිඳු ගුණතිලක)
සිද්ධියට අදාළ පෙර විස්තරය
22 දෙනෙකු සමූහ අපයෝජනය කළ තණමල්විල සිසුවියගේ සිද්ධිය විදුහල්පති යට ගහලා
0 Comments