thanamalwila-22-abuse-girl



තණ­ම­ල්විල ප්‍රසිද්ධ පාස­ලක 11 ශ්‍රේණියේ දැරි­යක සමූහ දූෂ­ණය කිරීමේ සිද්ධි­යට අදා­ළව දැරිය වෛද්‍ය පරී­ක්ෂ­ණය සදහා හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී පොලිස් මූල­ස්ථා­නයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු ලෙස පෙනී සිටි­මින් දුර­ක­තන ඇම­තු­මක් දුන් පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු මේ මස 28 දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් හා අති­රේක දිසා විනි­සුරු ඕෂධ මිගාර මහ­ආ­රච්චි මහතා පෙරේදා (20) නියෝග කර තිබේ.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත්තේ අංක 114, අංග­න්තැන්න, කෙන්ගල්ල, (දිගන) ලිපි­නයේ පදිංචි කොඩි­ප්පිලි ආර­ච්චි­ලාගේ මන­රංග උද­ය­කු­මාර ධර්ම­සේන නැමති 35 හැවි­රිදි විවා­හක පුද්ග­ල­යෙකි.



සමූහ දූෂ­ණ­යට ලක්වූ දැරිය වෛද්‍ය පරී­ක්ෂණ කට­යුතු සදහා හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදි පසු­ගිය 13 වැනි දින හම්බ­න්තොට මහ රෝහලේ රෝහල් පොලි­සියේ නිල­ධා­රි­යකු සම්බන්ධ කර­ගෙන තමන් පොලිස් මූල­ස්ථා­නයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු බව පව­ස­මින් දැරි­යට දුර­ක­තන ඇම­තු­මක් ලබා දී තිබේ.

ඉන්පසු තමන් පොලිස් මූල­ස්ථා­නයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු බව පව­ස­මින් දැරි­යගේ සාත්තු­වට සිටි දැරි­යගේ පුංචි­අ­ම්මාට හා පසුව දැරි­ය­ටත් දුර­ක­ත­නය ඔස්සේ කතා කර සිද්ධි­යට අදාළ විම­ර්ශ­න­වල විස්තර ලබා­ගෙන තිබේ.

පසුව මේ සම්බ­න්ධ­යෙන් ඇති වූ සැකය මත දැරි­යගේ පුංචි අම්මා විසින් මේ සම්බ­න්ධ­යෙන් හම්බ­න්තොට මූල­ස්ථාන පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණේ පසු­ගිය 14 වැනි දිනය.



ඒ අනුව අදාළ දුර­ක­තන අංකය ඔස්සේ කළ පරි­ක්ෂා­වේදී එම දුර­ක­තන අංක­යට අදාළ සිම්පත හිමි පුද්ග­ලයා තෙල්දෙ­ණියේ පදිං­චි­ක­රු­වකු බව අනා­ව­ර­ණය වී ඇත. එම පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් තෙල්දෙ­ණිය පොලි­සි­යට දැනුම් දී ඒ ඔස්සේ සැක­ක­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එහිදි අදාල සැක­ක­රු­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මේදී සැක­කරු පොලි­සි­යට පවසා ඇත්තේ තමාට අයත්ව තිබූ අදාළ දුර­ක­තන ඇම­තුම ලබා­ගත් සිම්පත් මේ වන විට තමා සන්ත­කයේ නොමැති බවයි. මිට මාස 06කට පෙර තමන් එම සිම්පත සහිත දුර­ක­ත­නය උකස් තැබූ බවත්, නැවත උකස බේරා ගන්නා අව­ස්ථාව වන විට එම සිම්පත දුර­ක­ත­නයේ නොති­බුණු බවත්ය.

කෙසේ වෙතත් අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මෙන් පසු සැක­කරු හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධී­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරුණු අතර එහිදි සැක­කරු මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධා­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් හම්බ­න්තොට මූල­ස්ථාන පොලි­සිය වැඩි­දුර පරි­ක්ෂණ පව­ත්වයි.
( නුවන් ජය­සේ­කර)