thanamalwila-22-abuse-girl

සිසුන් 21 දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වූ බව කියන තණමල්විල දැරිය පිරික්සු හම්බන්තොට මහ රෝහලේ ‍වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් අපක්ෂපාති පරීක්ෂණයක් අරඹා ඇති බව, හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂිකා, වෛද්‍ය අධිකාරි අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.


අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරිය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, එහි වෛද්‍යවරයකු බැන තර්ජනය කර, දැරිය මානසික පීඩනයට ලක්කළ බවට දැරියගේ මව චෝදනා කළ අතර ඇය ළමා ආරක්ෂණ අධිකාරියට සහ තණමල්විල පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබුණි.

 “මගේ දරුවා දරුවා කට උත්තරයක් ගන්න හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මුල් වචන දෙක තුනෙන්ම දරුවාට තර්ජනය කර මහ හයියෙන් කඩාගෙන පැන්නා. තමුසෙ බොරු කිව්වොත් පරිවාසයට දානවා දානවා' කිව්වා. තමුසෙ හදන්නේ කොල්ලන්ව හිරේ දාන්න ද' කියල අහලා අත උස්සලා දරුවාට ගහන්න හැදුවා. මම දරුවට ගහන්න එපා කිව්වම, මටත් ගහන්න අත ඉස්සුවා. ඉතින් දරුවා හොඳටම බය වුණා. පැය දෙකක් පමණ ප්‍රශ්න කළා. ඒ අතරේ දරුවා විනාඩි දෙකකට වගේ කිහිප වතාවක් මට එළියට දුන්නා. ඒ හැම වෙලාවකම දරුවා උඩ තට්ටුවෙන් පනින්න දුවගෙන ගියා. මම දරුවා අල්ල ගත්තා. ම



ේවාට දරුවා බය වෙච්ච නිසා පොලිසියට දීපු කට උත්තරෙත් වෙනස් වුණා." යැයි මව මාධ්‍යයට සඳහන් කළාය.

වෛද්‍ය නිලධාරි දිල්හානි අමරසිංහ සඳහන් කළේ, වෛද්‍යවරුන් හැටියට කිසි විටෙකත් අපයෝජනයට ලක් වූ දැරියක බිය ගැන්වීමක් සිදු නොකරන බවය.දැරියගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ තමා ද ඊට ආසන්නයේ සිටි බවත් සිසුන් දාහත් දෙනකුට වැඩි සමූහ දූෂණයක් නිසා හාරාවුස්සා ප්‍රශ්න කිරීම වෛද්‍යවරයා සතු වගකීමක් වූ බවය.දැරිය උඩ තට්ටුවෙන් පහළට පැනීමට උත්සාහ කළා නම්, වහාම දැරිය මානසික වෛද්‍යවරයකුට යොමු කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ඇය එවැනි කිසිදු තත්වයක් එම අවස්ථාවේ සිදු නොවූ බව වැඩිදුරටත් සඳහන් කළාය.


දැරිය අතවරයට ලක්වීමෙන් පසු මව විසින් දැරිය මොනරාගල මානසික වෛද්‍ය සායනය වෙත යොමු කර ඇති අවස්ථාවේ, මෙම සිද්ධිය පොලිසියට හෝ අධිකරණයට දැනුම් දුනහොත් මව සිය දිවි හානි කරගන්නා බව මොනරාගල වෛද්‍ය සායනයට පැවැසූ බවට වාර්තා වී ඇති බවත්, තම වරද වසන් කරගැනීම සඳහා ද්වේෂ සහගත ලෙස මෙම ප්‍රකාශය කරන්නට ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය කීවාය.


මේ අතර පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු පොලිසියට වසන් කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තණමල්විල පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරිය සහ විනය කමිටුව බාර ආචාර්යවරිය කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට වැල්ලවාය  දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ. දිසානායක මහතා ඊයේ (14) නියම කළේය.


සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකළයුතු බවට කොන්දේසිය මත රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකාර විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට මුදාහළ බලපෑමක් කළ බවට තොරතුරු ලැබුණහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් බාරයට පත් කරන බව දැනුම් දුන්නේය.



බාලවයස්කාර පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු දැනදැනම එම තොරතුරු පොලිසියට දැනුම් නොදුන්නැයි කියමින් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තණමල්විල පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළව කෙරුණු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.


පාසලේ අධ්‍යපනය ලද බාලවස්කාර දැරියක 2022 වසරේ සිට අවස්ථා ගණනාවකදි පාසල් සිසුන් පිරිසක් විසින් අපයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 21දෙනකු සහ ඊට අනුබල දුන් බව කියන කාන්තාවක තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. සිද්ධියට අදාළ තොරතුරු පොලිසියට වසන් කළැයි කියමින් පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරිය සහ විනය කමිටුව බාර ආචාර්යවරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.




 පාසලේ කටයුතු කිරීමට අවශ්‍ය නිසා විදුහල්පතිවරයා ඇතුළු පිරිස රිමාන්ඩ් බාරයට පත් නොකරන බව දැනුම් දෙමින් ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.මේ අතර පාසලේ ඇති වූ මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමට අධ්‍යපන අමාත්‍යංශයේ උපදෙස් මත ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් පෙරේදා (13) පාසලට පැමිණියහ. විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් සංවර්ධන සමිතියේ විශේෂ රැස්වීමක් පාසලේ සංවිධානය කර තිබුණද විදුහල්පතිවරයාට තණමල්විල පොලිසිය කළ හදිසි කැඳවීමක් හේතුවෙන් එම රැස්වීම ද අතරමග නවතා දැමීමට සිදුවිය.

(අයි.ආර්. ඉන්දික හා අම්ල සම්පත් ශ්‍රී පල්ලියගුරු)