tharushi-karunaratne-olympic

 ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරිස් ඔලිම්පික් තරගාවලියේදී අද දින සිය මූලික වටයේ  කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ තරුෂි කරුණාරත්න ඇය සමග තරග වැදුණ ක්‍රීඩිකාවන්ගෙන් අවසාන ස්ථානයට පත්විය.
ඇයට මෙම පරාජයෙන් පසුවට මෙවර ඔලිම්පික් තරගාවලියෙහි තව එක් අවස්ථාවක් පවතී.
ඇය අද දින වාර්තා කළ කාලය ඇගේ සාමාන්‍ය කාලයට වඩා බෙහෙවින් අඩුවූ අතර විනාඩි 2:07.76 කි. ඇය පසුගියදා තායිලන්තයේ ආසියානු ශූරතා තරගාවලියේදී විනාඩි 2:00.66 කින් එය නිමකර තිබූ අතර තත්පර 7 ක් තරම් විශාල පරතරයකින් ඇය අද අවසන් කිරීම කණගාටුවට කරුණකි.
එම ඉසව්ව ජැමෙයිකාව,ඔස්ට්‍රෙලියාව හා කෙන්යාවේ ක්‍රීඩිකාවන් පළමු තුන් තැනට පත්විය.
අද තරගයේ එම මූලික තරගයේදී ඇය හැර අනෙක් සියලුම ක්‍රීඩිකාවන් විනාඩි 2 ට අඩු වේගයන් වාර්තා කළ අතර ඔවුන් රොත්තක් ලෙස දිවයද්දී තරුෂි පමනක් පසුපසින් විශාල පරතරයකින් එය නිම කළාය.පළමු මීටර 400 න් පසු ඇගේ ‍මන්දගාමීත්වය දිගටම සිදුවිය. ඇය අද කිසිදු තරගයක් ලබාදුන් ආකාරයක් දිස් නොවීය.
තරුෂිගේ ඉසව්වේ වීඩියෝව පහතින්