tharushi-second-chance-today

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිසියේ ඔලිම්පික් 2024 මීටර 800 කාන්තා දිවීමේ තරගයට සහභාගී වන තරුෂි කරුණාරත්න ඊයේ (2) පැවති ඉසව්ව අසාර්ථකවූ නමුත් ඇයට දෙවන අවස්ථාවක් ලෙස අද (3) නැවත තරග ඉසව්වකට අවස්ථාව සැලසී ඇත.
සාමාන්‍යයෙන් පළමු වටයේ මුල් තිදෙනා හැර සෙස්සන්ට ඉදිරියට යාමට අවස්ථාව නොලැබෙන නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම වසරේ සිට තීරණය කර තිබෙන්නේ පරාජිතයින්‍ටද නැවත තරග කරන්නට අවස්ථාවක් ලබාදී අවසන් පූර්ව වටයට තෝරාගන්නට හැකි දැයි සලකා බැලීමටය. ඒ අනුව පළමු වටයේදී පරාජිත ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සමග තරුෂි අද නැවතත් තරග වදිනු ඇත.තරුෂිද ඇතුළු මූලික වට­යෙන් ඉව­තට ගිය  ක්‍රීඩිකාවන් 32 දෙනා ‘රිපී­චේජ් වටයේ’ (repêchage round) අද යළි තරග කිරීමට නියමිතයි. එහිදී හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩි­කා­වන් හයදෙනාට අව­සන් පූර්ව වටයට යාමට හැකි අතර දැනට තෝරාගෙන ඇති මූලික වටයේ 18 දෙනාට තවත් රිපී­චේජ් 6 ක් සමග 24 දෙනෙකු අවසන් පූර්ව වටයේ තරග වදිනු ඇත.
තරුෂිට අද දින කෙන්යානු, බහරේන්, ස්පාඤ්ඤ, කුවේට් , ජර්මානු, ඉතියෝපියා සහ පින්ලන්ත තරගකාරියන් සමග තරග අවස්ථාවක් ලබාදී ඇති අතර එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.14 ට පවත්වන්නට නියමිතය.