thebuwana-incident

වයස අවුරුදු 9 ක් වූ තම පුතාගේ මුහුණ පියා විසින් ගිනි පෙනෙල්ලකින් පිලිස්සීමේ පුවතක් තෙබුවන ප්‍රදේශයෙන් වාර්තා වේ. ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ බව තෙබුවන පොලිසිය පවසයි.






මෙම දරුවා පියා, ආච්චි හා සීයා සමඟ තෙබුවන, පාරමුල්ලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මව ඕමානයේ රැකියාවක නිරතව සිටින බව පොලිසිය පවසයි. මෙම දරුවා ඉකුත් 03 වැනිදා සවස 4.30 ට පමණ අලුත්ගේග්න ප්‍රදේශයේ ක්‍රීඩා කිරීමට ගොස් 5.00 ට පමණ පැමිණ ඇති අතර එම අවස්ථාවේ බීමත්ව පැමිණ සිටි පියා දරුවාට බැන වැදී තිබේ.


ඉන්පසු පුතාද පියාට බැන වැදීම නිසා කෝප වූ පියා කුස්සියට ගොස් ගිනි පෙනෙල්ලක් ගෙනැවිත් දරුවාගේ මුහුණ පුලුස්සා ඇත.දරුවාගේ කම්මුලේ පිලිස්සුම් තුවාල ඇති බව පොලිසිය කියයි. දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කරන ලද දැනුම්දීම මත මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි