වයස අවුරුදු 18 වැඩි මිලියන 05ක් සඳහා ටින් අංකය ලියාපදිංචි කර ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.කෙසේ වෙතත් එලෙස ලියාපදිංචි කර ඇති බවට දැනුවත්ව ඇත්තේ එම පිරිසෙන් කොටසක් පමණක් බව එහිදී අනාවරණය විය.ඒ අනුව නිවැරදි වැඩපිළිවෙළක් සකස් කර ටින් අංකය හිමි පුද්ගලයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කළේය.ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක - දැන් ඔබතුමියන්ලාගේ ඉලක්කයක් තිබුණනේ අවුරුදු 18 වැඩි අයට ටින් අංකයක් දෙන්න. කොහොමද ඒකේ ප්‍රගතිය?
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර - ඒක සාර්ථකයි සභාපතිතුමා. දැනටම මිලියන 05ක් දැන් රෙජිස්ටර් කරලා තියෙන්නේ. තව මිලියන 08ක තොරතුරු තියෙනවා.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඒ මිලියන 05 කළේ කොහොමද? දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් - ඒක අපි කළේ රාජ්‍ය ආයතනවලින්ම ලැබුණු තොරතුරු එක්ක.උදාහරණයක් විදියට ආර්.එම්.වී. වගේ ආයතනවලින් ලැබුණු තොරතුරු එක්ක තමයි ටින් අංකය දුන්නේ.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඒ අය දන්නවාද තමන්ට මෙහෙම ටින් අංකයක් තියෙනවා කියලා? ඒ ලක්ෂ 50 දන්නවාද? දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් - ලක්ෂ 50 කොටසක් දන්නවා. දැන් අපිට ප්‍රශ්නයක් ආවා ටින් සහතික නිකුත් කිර්ම සම්බන්ධයෙන්. ඒ නිසා අපි නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - දැන් ඒ මිනිස්සු දැනගන්න ඕනැනේ තමන්ගේ ටින් අංකය මොකක්ද කියලා. උදාහරණයක් විදියට අපේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දූෂණ එකෙන් එවලා තිබුණා ටින් අංකය එවන්න කියලා. තමන්ගේ ටින් අංකය තමන්ගේ කැමැත්තකින් තොරව ලබා දෙන්න බෑනේ. දැන් 18 වැඩි ෆයිල් නැති අය දැනගන්න ඕන ඔවුන්ගේ ටින් අංකය. ඔබතුමියන්ලා දැනගෙන හිටියට මදිනේ. ඒක කොහොමද දැනුම් දෙන්න යන්නේ?
දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන ගුණවර්ධන - එතන කාණ්ඩ කිහිපයක් ලියාපදිංචි වෙනවා. වොලන්ටරි රෙජිස්ටර් වෙන කොටසක් ඉන්නවා. ඒ අයට ටින් එක අපි කමිනිකේට් කරනවා ඊ-මේල් එකක් හරහා.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඒ වොලන්ටර් කී දෙනෙක් ඉල්ලලා තියෙනවාද?
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්- සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් විතර තිබුණා.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඉතිරි 48 ලක්ෂය කොහොමද හෙව්වේ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසරිස්- ඉතිරි අය ලියාපදිංචි කළේ සිස්ටම් එකට ඩේටා ඇඩ් කරලා. ඒවා ක්ලීන් කරලා ඉන්පසු සිස්ටම් එකේ බල්ක් හැටියට රෙජිස්ටේෂන් එකක් ගියා. ඒ අනුව රෙජිස්ටර් වුණු කොටසකට අපි දැනුම් දුන්නා ටින් අංකය මේකයි කියලා. තව කොටසක් තියෙනවා අපි දැනුවත් කිරීම සඳහා.
ඒක දැනුවත් කිර්මට බලාපොරොත්තු වෙන්නේ එක ක්‍රමවේදයක් තමයි අපි මේක ලියුමක් විදියට පෝස්ට් කරනවා. අපිට කමියුනිකේෂන් ඉෂු එකක් තියෙනවා. ඒ අයට ඊ-මේල් ඇඩ්රස් නෑ.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඊ-මේල් එක විතරද ඔබතුමන්ලා පාවිච්චි කරන්නේ? වට්ස් ඇප් පාවිච්චි කරන්නේ නැද්ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්- වට්ස් ඇප්වල ප්රශ්නය තියෙන්නේ අපි දැන් ඩේටා අරන් තියෙන්නේ වෙනත් තැන් වලින්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා දුරකථන අංකයක් වැරදි වුණොත් එයාගේ ටින් නම්බර් එක යන්නේ වෙන කෙනෙකුගේ අතට.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - දැන් ග්‍රාම සේවා කොට්ඨාස මගින් අඳුනගෙන තියෙනවාද මේ ලක්ෂ 50?
දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්-නෑ.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඒ අනුව එයාගේ පදිංචි ප්‍රදේශ අනුකූලව අඳුනගෙන නෑ පුද්ගලයා. පුද්ගලයාගේ හැඳුනුම් පත් දන්නවා?
දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්- හැඳුනුම්පත් අංකය තියෙනවා. ඒ වගේම ඔහුගේ ඇඩ්රස් එක තියෙනවා.
කාරක සභාවේ සභාපති පා. ම. පාඨලී චම්පික රණවක - ඊළඟට කරන්න ඕනෑ ග්‍රාමසේවා මට්ටමින් හඳුනාගෙන, ප්රදේශානුකූලව ඔහු නාමකරණය කරන්න ඕනෑ. දැන් ලක්ෂ 170ක් මේ පාර අවුරුදු 18 වැඩි අය. මොකක්ද ඔබතුමියන්ලාගේ ඉලක්කය? මේ වසර අග වෙනකොට ඒ ලක්ෂ 170ට ටින් අංක දෙන්නද?
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර - උපරිමය කරනවා සභාපතිතුමා.
0 Comments