tna-ranil-sajith

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර විවිධ පරස්පර විරෝධී අදහස් ඉදිරිපත්වීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම පෙරේදා (18) උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණැයි වාර්තාවේ.මෙම රැස්වීම පැවැත්වුණේ වවුනියාව නගරයේදීය.


රැස්වීමට සහභාගි වූ සාමාජිකයන් විවිධ අපේක්ෂකයන්ට සහයෝගය දැක්විය යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබිණ.මෙහිදී හිටපු මන්ත්‍රීවරයකු සහ තවත් සාමාජිකයකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවීමෙන් එහි නොසන්සුන් තත්වයක් ද ඇති විය. ම

ේ අවස්ථාවේදී පක්ෂයේ නායකයකු එම ස්ථානයෙන් හදිසියේම පිටව ගොස් ඇතැයි දැනගන්නට ඇත.


මේ සම්බන්ධයෙන් අප දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තම පක්ෂය සහය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එහිදී තීරණයක් ගත් බවයි.

සියලු දෙනා ඊට එකඟ වූ බව ද ඔහු සඳහන් කළේය.ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් තම ජනතාවට වැඩි සෙතක් සැලසෙන්නේ කුමන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දැයි අධ්‍යයනය කර පක්ෂය තීරණයක් ගන්නා බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
 සුජිත් හේවාජුලිගේ