twitter-banned-brazil

සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සහ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට සහාය දැක්වීම නිසා චෝදනා එල්ල වූ
 X හෙවත් ට්විටර් ජාලය දකුනු ඇමරිකානු රටක් වන බ්‍රසීලය තුළ අවහිර කිරීමට එර‍ට අධිකරණය තීරණය කර තිබේ.


 විනිසුරු මොරායස් මෙම නියෝග කර තිබෙන අතර එලොන් මස්ක් ඇතුළු X පරිශීලකයින්, විනිසුරුවරයා වාමාංශිකයෙකු ලෙස විවේචනය කර තිබීම ගැන දඩයකටද මුහුණ දුන්නේය.


බ්‍රසීලයේ විදුලි සංදේශ ඒජන්සිය වේදිකාව අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර  X බ්‍රසීලියානු නීතියට අනුකූල වන තෙක් තහනම පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
විනිසුරු මොරායස් සමාජ මාධ්‍ය වේදිකා ද ඉලක්ක කර ඇති කුමන්ත්‍රණ උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළේය.
මින් ඉහත බ්‍රසීලයේ බලධාරීන්ට අනුකූල නොවීම හේතුවෙන් Telegram සහ Whatsapp තහනම් කර තිබුණි.