vaunia-incident

තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇති වූ වැරැදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැන, සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියක් වාර්තා වේ.මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය කියයි. මෙම සිදු­වීම පෙරේදා (26) රාත්‍රී කාලයේ සිදුව ඇත. එහිදී වෛද්‍ය­ව­රිය ගිලන් රථ­යෙන් බිමට පැනීම හේතු­වෙන් තුවාල ලබා ඇත.

මෙම වෛද්‍ය­ව­රිය වවු­නි­යාව රෝහලේ සේවය කරමින් පම්ප­ම­ඩුව ප්‍රදේ­ශයේ නේවා­සි­කව සිටින වෛද්‍ය­ව­රි­යකි.

ඇය සේවය සඳහා වවු­නි­යාව මහ රෝහ­ලට පැමි­ණී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී වවු­නි­යාව මහ රෝහලේ සිට පම්ප­ම­ඩුව ආයු­ර්වේද රෝහ­ලට රාත්‍රී ආහා­රය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවු­නි­යාව මහ රෝහ­ලට පැමි­ණෙ­මින් තිබූ නිසා ඇය එම ගිලන් රථ­යට පෙරේදා රාත්‍රී කාලයේ ගොඩ වී තිබේ.

ගිලන් රථයේ රියැ­දුරා හා තවත් අයකු සිට ඇති අතර රියැ­දුරා වවු­නි­යාව - මන්නා­රම මාර්ගයේ ඉන්ධන පිර­වුම් හල­කින් ඉන්ධන ලබා ගැනී­මට ගිලන් රථය නවත්වා ආපසු එය වවු­නි­යාව මහ රෝහ­ලට ධාව­නය කිරීම වෙනු­වට අතුරු මාර්ග­ය­කින් වෙනත් දිශා­ව­කට ධාව­නය කර­න්නට පටන් ගෙන ඇත.

ඊට හේතුව විම­සු­වත් රියැ­දුරා කිසි­වක් ප්‍රකාශ නොකි­රීම නිසා බියට පත් වෛද්‍ය­ව­රිය ගිලන් රථ­යෙන් බිමට පැන තමා බල­හ­ත්කා­ර­යෙන් පැහැර ගෙන යෑමට උත්සාහ කරන බව මහ­මග සිටි පිරි­සට කෑගසා ප්‍රකාශ කොට තිබේ.



ජන­තාව වෙනත් වාහ­න­ය­කින් ගිලන් රථය හඹා ගොස් එය නතර කර රියැ­දු­රුට හා සහා­ය­ක­යාට පහර දී ඔවුන් මෙල්ල කර­ගෙන නෙලු­කු­ලම පොලි­සිය වෙත ඔවුන් දෙදෙනා භාර දී ඇත.

වවු­නි­යාව මහ රෝහලේ වෛද්‍ය­ව­රුන් පිරි­සක් එම ස්ථාන­යට ගොස් ඇති අතර පොලි­සිය සමඟ සාකච්ඡා කිරී­මෙන් පසුව ගිලන් රථ රියැ­දුරා හා සහා­ය­කයා අත් අඩං­ගු­වට ගෙන පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

එම වෛද්‍ය­ව­රිය පැහැර ගැනී­මට උත්සාහ කළ රියැ­දුරා සිටි ගිලන් රථ­යද වවු­නි­යාව මහ රෝහ­ලට අයත් ගිලන් රථ­යක් බැවින් රියැ­දු­රුට හා රිය සහා­ය­ක­යාට එරෙ­හිව වෙනම පරී­ක්ෂ­ණ­යක් වවු­නි­යාව මහ රෝහලේ පාලන අධි­කා­රිය විසින් ආරම්භ කොට ඇත.


වවු­නි­යාව මහ රෝහ­ලෙන් ගිය වෛද්‍ය­වරු පිරිස බියට පත්ව සිටි වෛද්‍ය­ව­රිය වවු­නි­යාව මහ රෝහල වෙත රැගෙන විත් තිබේ.
වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ ආයුර්වේද රෝහලේ සිටි වෛද්‍යවරිය තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර, ගිලන් රථයට ගොඩ වී ඇති බව නෙලුක්කුලම පොලිසිය පැවැසීය.




එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන, වවුනියාව බස් නැවතුපොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද පැවැසීය.මේ අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බිය වී ඇති අතර, පසුව ඇය ගිලන් රථයෙන් එළියට පැන, තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑගසා ඇති බවත් කීය.


සිද්ධිය වන අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන් බස්සවා අල්ලාගෙන ඇති අතර, සිදුවීම පිළිබඳ සිතා ගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම් දී, නිලධාරීන් පැමිණි පසු විමර්ශනය සඳහා රියැදුරු සහ සේවකයා අත්අඩංගුවට ගෙන, පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත. පොලිසිය වෙත රැගෙන පැමිණි ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත්, එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බිය වී කෑගසා, රථයෙන් බිමට පැන ඇති බවත්ය.


ගිලන් රථයේ සිටි රෝහල් සේවකයා, කෙටි මාර්ගයෙන් වෛද්‍යවරිය බස් නැවතුම වෙත රැගෙන යාම සිදු කරන බවට ද්‍රවිඩ භාෂාවෙන් ගිලන් රථ රියැදුරුට පවසා, මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව, වරදවා තේරුම් ගෙන කෑගසා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.


ද්‍රවිඩ භාෂාව නොතේරීම හේතුවෙන්, ගිලන් රථ රියැදුරු සහ සේවකයා තමන් පැහැරගෙන යනු ඇති බවට සැක සිතීම හේතූවෙන් එලෙස ඇය නොසන්සුන්ව හැසිරී ඇති බවට අනාවරණය වූ බවත්, දෙපාර්ශ්වයේ භාෂා සන්නිවේදන ගැටලුවක් මත මෙම සිද්ධිය සිදුව ඇති බවත්, වෛද්‍යවරියට කරුණු අවබෝධ කර දීම හේතුවෙන් සිද්ධිය සමථයට පත්කරගැනීමට වෛද්‍යවරිය එකඟ වූ බවත් පොලිසිය පැවැසීය.සිද්ධියට අදාළ පාර්ශ්වවල එකගතාව මත, ගැටලුවකින් තොරව අදාළ පිරිස් පොලිසියෙන් පිටව ගිය බවත් නෙලුක්කුලම පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වෙතත් පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත්තේ වවු­නි­යාවේ සිට පම්ප­ම­ඩුව ආයු­ර්වේද රෝහ­ලට දුර කි.මී 16ක් වුවත් එක් ගමන් වාර­යක් සඳහා මෙම රියැ­දුරා කි.මී. 20ක දුරක් සට­හන් කොට ඉතිරි වන ඉන්ධන අලෙවි කරන බවයි.

දින­කට ගමන් වාර 6ක් මෙම ගිලන් රථය වවු­නි­යාව මහ රෝහල හා පම්ප­ම­ඩුව ආයු­ර්වේද රෝහල අතර ධාව­නය කිරීම සිදු­වන බැවින් ගිලන් රථ රියැ­දුරා මෙම ඉන්ධන වංචාව කාල­යක සිට කර­ගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.



(රසුල දිල්හාර ගමගේ, සිතුම් චතුරංග)