ගොඩකන්ද හර්බල්ස් (පුද්ගලික) සමාගම මගින් නිෂ්පාදනය කර බෙදාහරින වෙන්ඩෝල් T&G හර්බල්ස් (T&G Herbals) සහ T&G ෆෙූෂ් මින්ට් (T & G Fresh mint) යන දන්තාලේප මිලදී නොගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබේ.
එම දන්තාලේප නිෂ්ෂාපදන සඳහා SLS 275 ප්‍රමිති සහතිකය ලබා නොගෙන එම ලාංඡනය අදාළ දන්තාලේප ඇසුරැම්වල හා ටියුබ්වල ව්‍යාජ ලෙස මුද්‍රණය කර රට පුරා බෙදාහැර තිබීම ඊට හේතුව බව එම අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.
එම අධිකාරියේ සභාපතිවරයා මගින් නිකුත් කළ එම නිවේදනය ඊයේ පුවත්පත් තුළ පළ කෙරිණි.
ඉහත වරද සම්බන්ධයෙන් 2024.07.30 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හා 2024.08.22 අත්තනගල්ල යන මහසේත්‍රාත් අධිකරණ හමුවේ ගොනු කළ චෝදනාවලට හබ කිරීමකින් තොරව ගොඩකන්ද හර්බල්ස් (පුද්ගලික) සමාගම විසින් වරද පිළිගෙන ඇතැයිද එම අධිකාරිය පවසයි.
2023 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අංක 28 දරන විධානය මගින්
දේශීයව නිෂ්පාදනය කරනු ලබන සියලු දන්තාලේප නිෂ්පාදන සඳහා SLS 275 ප්‍රමිති පිරිවිතර සහතිකය ලබාගත යුතු බවට විධානය කර තිබේ.
ඒ අනුව ගොඩකන්ද හර්බල්ස් (පුද්ගලික) සමාගම විසින් නිෂපාදනය කර දැනට වෙළෙඳ පොළ තුළ බෙදාහැර ඇති වෙන්ඩෝල් T&G හර්බල්ස් (T&G Herbals) සහ T&G ෆෙූෂ් මින්ට් (T & G Fresh mint) යන දන්තාලේප භාවිතයට නොගන්නා ලෙස මහජනතාව වෙත දැනුම් දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
0 Comments