ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යෑම පෙරේදා (25) පළමු වරට ආරම්භ කරන ලදි.
ඒ අනුව වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසළ පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත රැගෙන යාම සිදුවිය.
756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් මෙම කසළ තොගය රැගෙනවිත් ඇත.
වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසල පුත්තලම අරුවක්කාඩු කසල අංගනය වෙත 756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින් රැගෙනවිත් තිබේ.
එලෙස කසල තොගය රැගත් බහාලුම් වනවාසල සිට පුත්තලමට ගොස්, එතැන් සිට අරුවක්කාඩු කසල අංගනය වෙත රැගෙන ගිය බවට වාර්තා විය.
දුම්රිය මගින් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයේ ඇති තරාදිවලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාළ කසල පුරවා වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යන බව සදහන් වේ.
මෙම කසල තොගය කසල අංගනය වෙත ගොඩ බෑම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි ද බලධාරීහු පවසති.
මෙම කසල දුම්රියෙන් රැගෙන ඒමට විරෝධය පළ කරමින් සුළු පිරිසක් නූර් නගර් දුම්රිය ස්ථානය අසල විරෝධතාවයක ද නිරතවී තිබුණි.
නමුත් වැඩ පිලිවෙල නතරවී නැත.
0 Comments