wasantha-court-case

අතු­රු­ගි­රිය ටැටූ මධ්‍ය­ස්ථා­න­ය­කදී ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නකු වෙඩි තබා ඝාත­නය කළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම ටැටූ මධ්‍ය­ස්ථා­නයේ හිමි­කරු ඇතුළු සැක­ක­රු­වන් 10 දෙනා අගෝස්තු මස 20දා දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කඩු­වෙල මහේ­ස්ත්‍රාත් චාණිමා විජේ­බ­න්ඩාර මහ­ත්මිය ඊයේ (05) දින නියෝග කළාය.

ඉකුත් නඩු දින­යේදී අධි­ක­ර­ණය මඟින් දැනු­ම්දුන් පරිදි බස්නා­හිර දකුණ අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා අතු­රු­ගි­රිය පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන් අධි­ක­ර­ණයේ පෙනී සිටි අතර මෙතෙක් විම­ර්ශ­න­වල ප්‍රග­තිය අධි­ක­ර­ණය හමුවේ අනා­ව­ර­ණය කරන ලදී.

ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යන් දෙදෙ­නාගේ මරණ පරී­ක්ෂ­ණය පිළි­බඳ සාක්ෂි සට­හන් කිරීම එදි­නට නිය­මි­තව තිබුණු අතර සැක­ක­රු­වන් අත­රින් නව වන සැක­කරු හඳුනා ගැනීමේ පෙර­ට්ටු­වක් සඳහා ඉදි­රි­පත් කරන ලදී.



එහිදී විත්ති­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිය නුවන් ජය­ව­ර්ධන මහතා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින සැක­ක­රු­වන් අතු­රින් සැක­ක­රු­වන් කිහිප දෙනෙකු සාධා­රණ හේතු­වක් නොමැ­තිව අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කර ඇති බැවින් එම සැක­ක­රු­වන් ඇප මත මුදා­හ­රින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කරන ලදී.

එහිදී ඝාත­න­යට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තුවාල ලබා සිටින මැණික් විජේ­ව­ර්ධන යන අය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේ­සිරි මහතා එයට විරෝ­ධය පළ කර­මින් විම­ර්ශන කට­යුතු තව­මත් අව­සන් නොවන බවත් මෙම සැක­ක­රු­වන් දම්වැ­ලක පුරුක් ආකා­ර­යට එක­කට එකක් මෙම ඝාතන සිද්ධි­යට සම්බන්ධ බැවින් එම ඉල්ලී­මට විරෝ­ධය පළ කරන ලදි.

ඒ අනුව මහේ­ස්ත්‍රාත් චාණිමා විජ­ය­බ­ණ්ඩාර මහ­ත්මිය එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළාය.

මෙහිදී ඝාත­න­යට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහ­තාගේ දේහයේ නිරු­වත් ඡායා­රූප සමාජ මාධ්‍යට මුදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මූලික රෝහලේ පුද්ග­ල­යින් 30 දෙනෙ­කු­ගෙන් පමණ සාක්ෂි සට­හ­න්ක­ර­ගෙන ඇති බවත් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායා­රූප සමාජ මාධ්‍ය වෙත මුදා­හැර ඇති බවට අනා­ව­ර­ණය වූ බව පොලි­සිය අධි­ක­ර­ණය හමු වේ අනා­ව­ර­ණය කරන ලදී. අදාළ ඝාත­නය සිද්ධි­යට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආය­ත­න­ව­ලට ලැබීම සම්බ­න්ධව එම මාධ්‍ය ආය­ත­න­ව­ලින් ප්‍රකාශ සට­හන් කර ගත්තේ ද යන්න මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය පොලි­සි­යෙන් විම­සී­මක් කළාය.



එහිදී පොලි­සිය අධි­ක­ර­ණය වෙත දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වාර්තා­ක­ර­ණයේ යෙදුණු ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දී­න්ගෙන් ඒ පිළි­බ­ඳව කරුණු සට­හන් කර­ගත් බවයි.

අදාළ මාධ්‍ය ආය­තන හිමි­ක­රු­ව­න්ගෙන් ප්‍රකා­ශ­යක් සට­හ­න්ක­ර­ගන්නා ලෙසත් මෙම නීති කෘත්‍ය සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යාට ලිඛි­තව දන්වන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

මෙහිදී විම­ර්ශන කට­යුතු සිදු කරනු ලබන නිල­ධා­රීන් විසින් අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ලබා­ගත් ඩී.එන්.ඒ. සාම්පල කිහි­ප­යක් පිළි­බ­ඳව අධි­ක­ර­ණය වෙත කරුණු දක්වන ලද අතර එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනෙක් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අවශ්‍ය මූලික සැල­සුම් සකස් කර ඇති බවත් අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

මෙම සිද්ධියේ විම­ර්ශන කට­යුතු ඉක්ම­නින් අව­සන් කිරී­මට කට­යුතු කරන ලෙසද අධි­ක­ර­ණය පොලි­සි­යට නියෝග කළාය.

ඝාත­න­යට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහ­තාගේ වැඩි­ම­හල් පුත්‍රයා බව කියනු ලැබූ සන්තුස් පෙරේරා සහ සුරේන්ද්‍ර වසන්ත පෙරේ­රාගේ ඥාති සහෝ­ද­රි­යකු බව කියන පී.ඒ. චන්දමා යන අය ද අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලද අතර මරණ පරී­ක්ෂණ සම්බන්ධ සාක්ෂි විම­සීමේ කට­යුතු ලබන 20 දින සිදු කිරී­මට නිය­මිත වේ.



මෙම සිද්ධියේ දැනට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින ප්‍රධාන සැක­කාර ටැටූ ආය­ත­නයේ හිමි­කාර වන දුලාන් සංජුල නමැත්තා මේ වන­විට මහර බන්ධ­නා­ගා­රයේ රඳ­වා­ගෙන සිටින බැවින් එම සැක­කරු කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රය වෙත මාරු­ක­රන ලෙස විත්තියේ නීතිඥ නුවන් ජය­ව­ර්ධන කළ ඉල්ලී­මට අනුව එම සැක­කරු කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­යට මාරු­කර යවන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ නුවන් ජය­ව­ර්ධන මහතා ප්‍රමුඛ නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල වෙනු­වෙන් පොලි­සිය සහ ඝාත­න­යට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ මැණික් විජේ­ව­ර්ධන යන අය වෙනු­වෙන් නීතිඥ කමල් ප්‍රසන්න පද්ම­සිරි පෙනී සිටින ලදී.
(මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි, නව­ග­මුව - සුගත් ප්‍රේම­ති­ලක)