club-wasantha-murder-updates

  සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.



අපරාධයට අනුබල දුන් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී අගෝස්තු මස 06 වැනිදා අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම බස් රථය සම්බන්ධ තොරතුරු හෙළිවී තිබේ.එම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගත් සැකකරු දර්ගා නගරයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
අතු­රු­ගි­රිය ටැටූ සාප්පුවක් තුළදී ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නකු ඝාත­නය කර තවත් සිව්දෙන­කුට බර­ප­තළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩි­ක්ක­රු­වන් ගිනි අවි රැගෙන පලා­ගිය WP-NC1976 බස් රථය සම්බ­න්ධ­යෙන් යම් තොර­තු­රක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිසිය මහජන සහය පතා තිබුනේ පසුගිය 2 වනදාය.
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සහ බස් රථය වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.