wasantha-perera-murder-updates

කෝටිපති ව්‍යාපාරිකයකු වූ රාජපක්ෂ දොන් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මියගේ සැමියාට වෙඩි තබා ඝාතනය කර තවත් සිවු දෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩ පරීක්ෂකවරයෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (6) අත්අඩංගුවට ගනු ලැබීය.




මෙම ද්විත්ව ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.දර්ගා නගරයේ පදිංචි තිස්හය හැවිරිදි වියේ පසු වන මොහු මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී හෙළි වූ කරුණු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පියසේ රාජකාරී කරමින් සිටියදී මෙම වැඩ පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)