වැල්ලම්පිටිය ව්‍යාපාරිකයකුගේ නිවසකින් මැණික්, මැණික් ගල් අල්ලන ලද රිදී මුදු තොගයක් සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන්තැල්ලක් සොරාගෙන ගොස් ඇති බවට වැල්ලම්පිටිය පොලිසියට පැම්ණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සොරාගෙන තිබූ එම දේපළ අතර රතු නිල් කහ පැහැති මැණික් ගල් 500 ක් මැණික් ගල් අල්ලන ලද රිදී මුදු100 කට අධික සංඛ්‍යාවක් මෙන්ම පවුම් 2 -1/2, ක් බර සුදු පැහැති ඩයමන්ඩ් මැණික් ගලක් අල්ලා තිබූ රන් තැල්ලක්ද වන බව පොලිසිය කියයි. සොරා ගත් එම දේපළවල වටිනාකම පැමිණිලිකාර ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයා විසින් මේ වෙන තෙක් පොලිසිය වෙත ලබාදී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප

ැමිණිලිකාර ව්‍යාපාරිකයා ඉකුත් 11 වෙනි


දින නිවස වසා දමා ඔහුගේ පුතාගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් ඇති අතර අනතුරුව විනෝද චාරිකාවක් ගොස් දින 10 කටපසු නිවස කරා පැමිණ ඇතැයි පොලිසිය කියයි.ඔවුන් නිවසේ ඉදිරි දොර විවෘත කර බැලීමේදී යකඩ අල්මාරිය කඩා දොරවල් විවෘත කර තිබී ඇති අතර තිබූ නිවසේ බඩු බාහිරාදියද ඇද දමා තිබෙන අයුරු දැක සැකසිතී මුළුතැන් ගෙට ගොස් පරීක්ෂා කිරීමේදී එහි ඇල්මිනියම් ජනේලයේ වීදුරුව කඩා තිබෙන අයුරුද ව්‍යාපාරිකයා දැක ඇතැයි පොලිසිය කියයි.




දොරවල් කඩා දමා තිබූ වානේ කබඩය ව්‍යාපාරිකයා විසින් පරීක්ෂා කිරීමේදී රතු කහ නිල් පැහැති මැණික් ගල් දමා තිබූ පෙට්ටි හතක් නොමැති බව දැක ඇති අතර එම පෙට්ටිවල මැණික් ගල් 500 ක් පමණ දමා තිබූ බවත් ඊට අමතරව රන් භාණ්ඩ බහාලන පෙට්ටිවල විවිධ ප්‍රමාණවලින් යුත් මැණික් ගල් අල්ලන ලද රිදී මුදු 100 කට අධික සංඛ්‍යාවක් ද තිබූ බවත්. ඒවාද කබඩ් එක තුළ නොමැති බවත් දක්වා ඇත. නිදන කාමරයේ තිබූ කුඩා අල්මාරියක්ද කඩා පවුම් 2 1/2 ක් බර සුදු පැහැති ඩයමන්ඩ් මැණික් ගල් අල්ලා තිබූ රන්තැල්ලක්ද සොරකම් කර ඇති බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.මෙම මැණික් ගල් තොගය තම බිරිඳගේ පියාට අයත් ඒවා බවත් ඔහු මීට වසර තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවත් ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය පොලිසියට පවසා ඇත. පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
(බිමල් ශ්‍ය‌මන් ජයසිංහ)