yunus-bangladesh

හසීනා මහත්මිය බලයෙන් පහ කළ බංග්ලාදේශයේ දැවැන්ත විරෝධතාවලට නායකත්වය දුන් සිසුන්, එරට මිලිටරි නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර අන්තර්වාර පරිපාලනයක් ඇති කරන ලෙසත් එහි නායකත්වය දීමට මහාචාර්ය යුනුස් සම්බන්ධ කරගන්නා ලෙසත් දන්වා තිබූ අතර එම ඉල්ලීම දැන් ඉටුවී තිබේ.
ඒ අනුව රට පිළිවෙලක් කරනතුරු මහාචාර්ය යූනුස් ඇතුළු කොමිටියකින් පාලනය සිදුවේ.



ලෝකයේ විශාල කථාබහක් ඇති කළ 'ග්‍රාමීන්' වැඩසටහනේ නිර්මාතෘ වන ‍යූනුස් එරට දේශපාලකයින් විසින් සඟවන ලද විද්වතෙකි. ඔහුට එරෙහි පලිගැනීම් ක්‍රියාත්මක කර නඩු හබවලට පටලැවීමට හිටපු අගමැතිනි ෂීක් හසීනා උත්සාහ කර තිබූ අතර මේ නිසා ඔහු යටපත් කර තිබුණි.
ක්ෂුද්‍ර මූල්‍ය ණයවල පුරෝගාමී ක්‍රමයක් භාවිතා කරමින් මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට උපකාර කිරීම සඳහා මුහම්මද් යුනුස් ගෞරවයට පාත්‍ර වූ අතර ඔහු ලංකාවේ 'සර්වෝදය' ව්‍යාපාරයට සමාන 'ග්‍රාමීන්' ව්‍යාපාරය දියත් කර ගම්මට්ටමින් දිළිදු පවුල් නගා සිටුවීමට කටයුතු කළේය.


ගෙයක් ගෙයක් ගානේ ගොස් දැනුවත් කිරීම් කළේය. ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලබන්නේ මේ නිසාය.
විශාල සමාජ මෙහෙවරක් කළ යූනුස් දේශපාලනයට පිවිසියොත් තමාට අභියෝගයක් විය හැකි බවට ෂීක් හසීනා කල්පණා කර තිබූ අතර ඇය ඔහුට එරෙහිව විවිධ ව්‍යාජ චෝදනා නගමින් නඩු පැවරුවාය. මහාචාර්යවරයා ඇතැම් අවස්ථාවල සිර අඩස්සියටද පවා ලක්වූ අතර නඩු වලින් හෙම්බත්ව සිටියේය. මාස හයක සිර දඬුවමක් අභියාචනා කරමින් ඔහු දැනට ඇප මත සිටී.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් - බංග්ලාදේශයේ නෙරපා හරින ලද අගමැතිනි ෂීක් හසීනාගේ දිගුකාලීන දේශපාලන සතුරා වූ නමුත් දැන් රටේ අන්තර්වාර නායකයා ලෙස නම් කර ඇත.
නමුත් ඔහුගේ වයස දැන් 84 කි.
බංග්ලාදේශයේ නාමමාත්‍ර ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය විය.



"මෙතරම් කැපකිරීම් කළ සිසුන් මගෙන් මේ දුෂ්කර සන්ධිස්ථානයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින විට, මම එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?" මහාචාර්ය යුනුස් පවසා තිබුණි.
ඔහු පැරිසියේ සිට ඩකා වෙත ආපසු පැමිණ මෙම තනතුර භාරගත් බව පැවසේ.

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් ෂෙයික් හසීනාගේ වසර 15ක පාලන කාලය අවසන් වූ අතර පළාගිය ඇය තවමත් ඉන්දියාවේ සිටින නමුත් ඇයගේ අවසන් ගමනාන්තය එයද යන්න තවමත් පැහැදිලි නැත.
මහාචාර්ය යුනුස්ගේ පත්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස විදේශීය නායකයින් බංග්ලාදේශයෙන් ඉල්ලා සිටියේය.
"අන්තර්කාලීන රජය ගන්නා ඕනෑම තීරණයක්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කළ යුතුය... නීතියේ ආධිපත්‍යය [සහ] ජනතාවගේ කැමැත්ත පිළිබිඹු කළ යුතුය," එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසීය.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසත් "විශ්ව අයිතීන්ට ගරු කරන ලෙසත්" සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.