4-schools-supreme-court

 මෙරට ජන­ප්‍රිය පාසල් හත­රක නව විදු­හ­ල්ප­ති­ව­රුන් එම ධුර­යන්හි කට­යුතු කිරීම අත්හි­ට­වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් සංශෝ­ධ­නය කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (05) අව­සර ලබා දුන්නේය.



එම පෙත්සම ගොනු කර ඇති ලංකා ගුරු සංග­මය සහ එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වෙනු­වෙන් පෙනී­සිටි නීතිඥ තිෂ්‍ය වෙර­ගොඩ මහතා විසින් කරන ලද ඉල්ලී­මක් සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම අව­ස­රය දෙන ලදි.

ඒ.එච්.එම්.ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේ­සේ­කර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වනු ලැබිණි.

අත්‍ය­වශ්‍ය කරුණු කිහි­ප­යක් ඇතු­ළත් කිරී­මට අවශ්‍ය බැවින් පෙත්සම සංශෝ­ධ­නය කිරී­මට අව­සර ලබා දෙන ලෙස නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.



එම ඉල්ලී­මට අව­සර දුන් විනි­සුරු මඬුල්ල පෙත්සම වෙනත් දින­යක කැඳ­වී­මට නියම කළේය. ලංකා ගුරු සංග­මය සහ එහි මහ­ලේ­කම් ජොසප් ස්ටාලින් මහතා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා, රාජ්‍ය සේවා කොමි­සම, අදාළ විදු­හ­ල්ප­ති­ව­රුන් ඇතුළු පිරි­සක් පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

කොළඹ රාජ­කීය විද්‍යා­ලය, කොළඹ මහා­නාම විද්‍යා­ලය, කුලි­යා­පි­ටිය මධ්‍ය මහා විද්‍යා­ලය සහ මොර­ටුව වේල්ස් කුමර විද්‍යා­ලය යන විදු­හ­ල්ව­ලට විදු­හ­ල්ප­ති­ව­රුන් පත් කිරී­මේදී ආක්‍ර­මි­ක­තා­වන් සිදුවී ඇති බවට පෙත්සම මඟින් පැමි­ණිලි කර තිබිණි. අදාළ පත්වීම් නිවැ­රදි නොවන බැවින් එම පත්වීම් බල­ර­හිත කරන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.