වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනා වන්නේ
- ගීතා කුමාරසිංහ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ
- අමිත් තේනුක විදානගමගේ
- ප්‍රසන්න රණවීර
- ඩී.වී. චානක
යන අයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත. එළැඹෙන ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ජනපති රනිල්ට සහය පළකරනු වෙනුවට සජබ ට හෝ පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයන්ට මේ අය එක්වූ අතර ඒ අනුව ඇමති ධූරවලින් නෙරපා හැරතිබේ.
මීට ඉහත සතියේ තවත් රාජ්‍ය ඇමතිවරුන් 4 දෙනෙකුද ජනපතිවරයා මේ ආකාරයටම ඉවත් කර තිබුණි.
0 Comments