As-a-solution-to-the-visa-queue-38-countries-will-be-exempted-from-sri-lanka-visa-immediately

වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38 ක් සඳහා වීසා නිදහස් රටක් බවට ශ්‍රී ලංකාව පත් කර තිබේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුනේ කටුනායක ගුවන් තොටුපළේ අධික තදබදයකින් දිගු පොලිම් සහිතව ශ්‍රී  ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු විදේශිකයන්ට පැමිණීමේ වීසා ලබාදීමේ අපහසුතා වාර්තාවීමෙන් අනතුරුවය.


පැමිණීමේ වීසා ලබාදීමේ පිලිවෙල කිසිදු ප්‍රමාදයකින් තොරව වසර ගණනාවක් රජයට ආදායම් සපයමින් ක්‍රියාත්මක වූ නමුත් වී.එෆ්.එස් සමාගම හරහා වීසා නිකුත් කිරීමට රජය තීරණය කිරීම නිසා අධික පෝලිම් ඇති විය. එම සමාගම භාවිත කරන තාක්ෂණික ක්‍රමවේදයට පෙර පැවති ක්‍රමය පරිවර්තනය කරවීම අපහසුවූ නිසා දත්ත ඇතුළු කිරීමේ ගැටලු මතුවිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක් ඇති බව දක්වමින් අධිකරණය එම සමාගමෙ කටයුතු අත්හිටවූ අතර දැන් නැවත වීසා ලබාදීම පෙර ක්‍රමයට මාරු කර ඇත.
මෙම ක්‍රමවේදය නැවත පණගැන්වීමේදී අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන ක්‍රමය තාක්ෂණික හේතු මත නවතා ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පමණක් වීසා ලබා දීමට තීරණය විය. මේ නිසා අධික පෝලිම් හටගෙන තිබුණි.
නමුත් පෝලිම් සම්බන්ධ ගැටලුවට රජයේ විසඳුම වී තිබෙන්නේ වීසා නිදහස් කිරීමය.
සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල්  38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇති බව වාර්තා විය..
අයදුම්කරුවෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයේ එක් නිල මුද්‍රාවක් පමණක් සහිතව වීසා නිකුත් කිරීමට සහ වීසා දීර්ඝ කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත.


X පණිවිඩියක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

වීසා නිදහස් කර ඇති රටවල් 38 පහත පරිදිය
Australia, Austria, Bahrain, Belarus, Belgium, Canada, China, Czech Republic, Denmark, France, Germany, India, Indonesia, Iran, Israel, Italy, Japan, Kazakhstan, Malaysia, Nepal, Netherlands, New Zealand, Oman, Poland, Qatar, Russia, Saudi Arabia, Spain, Sweden, Switzerland, Thailand, United Arab Emirates, United Kingdom and the United States.