Canabis-Marijuana-kahawatta

ප්‍රභූ­ව­ර­යකු මෙන් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක සයි­රන් නළා නාද කර­මින් එම වාහ­නයේ වී.අයි.පී. විදුලි පහන් දල්වා­ගෙන ගමන් කළ අයෙක් පොලිස් අණ නොතකා යද්දී කහ­වත්ත පොලි­සියේ නිල­ධා­රි­යකු ඔහු පසු­පස ලුහු­බැඳ ගොස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර එහි දී වාහ­නය තුළ තිබී ගංජා සහ තහ­නම් පිහි­යක්ද අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­වත්ත පොලි­සිය පව­සයි.
 බීමත්ව සිටි මෙම පුද්ග­ලයා මෙල්ල කර ගැනී­මට ඔහු පසු පස ලුහු­බැඳ ගිය පොලිස් නිල­ධා­රියා විසින් පසුව තවත් පොලිස් නිල­ධා­රි­ය­කුගේ සහාය ලබා­ගෙන තිබිණි. පෙරේදා (14) දා උදෑ­සන දහ­යට පමණ මෙම පුද්ග­ලයා ඔහුගේ සුපිරි වාහ­නය රත්න­පුර දෙසින් කහ­වත්ත නග­රය පසු­කර වැල්ල­දුර දෙසට ධාව­නය කරද්දී තනි­වම රාජ­කා­රි­යට යමින් සිටි කහ­වත්ත පොලි­සියේ රථ වාහන අංශයේ නිල­ධා­රි­යකු ගමන් කළ යතුරු පැදි­යද පසු­කර ගෙන ගොස් තිබිණි.



එම වාහ­නය වැල්ල­දුර ප්‍රදේ­ශයේ නවතා ඇති අතර පොලිස් නිල­ධා­රියා එම ප්‍රදේ­ශයේ රාජ­කාරි කරද්දී යළිත් සැක­කරු ඔහුගේ වාහ­නය අධික වේග­යෙන් අප­රි­ක්ෂා­කාරි ලෙස ධාව­නය කර ඇති අතර සය­රන් නළා නාද කර­මින් එලෙස ධාව­නය කර­මින් තවත් වාහන කිහි­ප­ය­කට අප­රී­ක්ෂා­කාරී ලෙස ඉස්සර කළ නිසා නව­ත්වන ලෙස පොලිස් නිල­ධා­රියා නියෝග කළද එය නොස­ලකා හැර ඉදි­රි­යට ධාව­නය කර තිබේ.

ඒ අව­ස්ථා­වදි රථ වාහන පොලිස් නිල­ධා­රියා ඔහුගේ යතුරු පැදි­යෙන් සැක­කරු ලුහු­බැඳ ඇතැ­යිද සැක­කරු රත්න­පුර ඇඹි­ලි­පි­ටිය ප්‍රධාන මාර්ගයේ සිට වැල්ල­දුර අරු­ක්මුල්ල අතුරු මාර්ග­යට වාහ­නය හරවා ධාව­නය කර ඇතැ­යිද පොලි­සිය පව­සයි. එම ප්‍රදේ­ශයේ සුසාන භූමි පාරේ වාහ­නය නවතා ඇති අතර ඒ අව­ස්ථා­වේදී ඔහු ලුහු­බැඳ ගිය පොලිස් නිල­ධා­රි­යාද එතැ­නට පැමිණ තිබේ.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යෑමේ දී ඔහු පොලිස් නිල­ධා­රි­යාට බාධා කර­මින් හැසි­රීම නිසා ඔහු පාල­නය කර ගැනී­මට තවත් පොලිස් නිල­ධා­රි­යකු ද කැඳ­වී­මට සිදු විය. සැක­කරු කහ­වත්ත මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යට යොමු කළ විට ඔහු බීමත්ව සිටි බව හෙළි වූ බව පොලි­සිය පව­සයි. ගංජා ගෑම් එක­සිය පහක්ද රම්බෝ පිහි­යක්ද සැක­කරු ළඟ තිබී අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය පව­සයි. කහ­වත්ත පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කරු­ණා­රත්න මහ­තාගේ සහ රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති එම්.ඩී.යූ. ප්‍රේම­නාත් මහ­ත්ව­රුන්ගේ මෙ‍ෙහ­ය­වී­මෙන් පරී­ක්ෂණ සිදු කෙරේ. කහ­වත්ත පොලි­සියේ රථ­වා­හන අංශයේ සැර­යන් (75240) දිනේෂ් මහතා සැක­කරු ලුහු­බැඳ ගොස් ඇති අතර සැර­යන් රත්න මහතා ද පරී­ක්ෂණ සඳහා එක්වූහ.

අප­රි­ක්ෂා­කාරි ලෙස රිය පැද­වීම, බීම­තින් රිය පැද­වීම ගංජා ළඟ තබා­ගෙන සිටීම සහ තහ­නම් ආයු­ධ­යක් ළඟ තඹා­ගෙන සිටීම සම්බ­න්ධව සැක­කරු පැල්ම­ඬුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.
(කහ­වත්ත - නිරෝ­ෂණ පෙරේරා)