ආගරපතන, හෙෆොල්ඩ් වතුයායේ ජී.එල් කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බෑගයක දමා තිබී හමු වූ බිලිඳියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියදුරා ඊයේ (10දා) ආගරපතන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවත්,
ත්‍රිරෝද රථයේ රියදුරා (28) සමග ඇයගේ අනියම් සම්බන්ධතාවක් තිබී ඇති බවද පොලීසිය සඳහන් කරයි.ත්‍රිරෝද රථ රියදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු බව ආගරපතන පොලීසිය සිදු කර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසට යාබදවම සැකකාර මව පදිංචි බවත්, ඇය මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී සැකකාර ත්‍රිරෝද රථ රියදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රිරෝද රථයකින් පෙරේදා (09දා) මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙෆොල්ඩ් වතුයායට රැගෙන පැමිණ ඇති බවත් පොලීසිය පවසා සිටියේය.
දින කිහිපයකට ප්‍රථම බිලිඳිය ප්‍රසූත කර ඇති බවත්, බිලිඳියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබූ නිසා එය ඝාතනයක්ද යන්න පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වන බව ආගරපතන පොලීසියේ නිලධාරියෙක් පවසා සිටියේය. ගාල් කර තිබූ ත්‍රිරෝද රථයෙන් දැඩි දුර්ගන්ධයක් හැමීම නිසා සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ මව විසින් පක්ෂා කළ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බෑගයක් තුළ දමා තිබූ බිලිඳියගේ සිරුර හමු වී ඇති බවත්, පසුව ඒ පිළිබඳව අසල්වාසීන්ට දැනුම් දීමෙන් පසු අසල්වාසීන් විසින් ආගරපතන පොලීසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ. ත්‍රිරෝද රථයේ තිබී හමු වූ බිලිඳියගේ මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින් පැවැත්වීමෙන් පසු, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ආගරපතන පොලීසියට නියෝග කෙරිණි.
(රංජිත් රාජපක්ෂ)
0 Comments