අකුරැස්ස බෝපගොඩ ප්‍රදේශයේදී පෙරේදා (25) සවස වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතළ අනතුරින් යතුරුපැදියේ පැමිණි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි ඉන්දික සම්පත් සහ ඔහුගේ බිරිය වූ මෙදේරිපිටිය කනිටු විදුහලේ ගුරුවරියක ලෙස සේවය කරන 32 හැවිරිදි භාග්‍යා බොරලැස්ස නැමැත්තියයි.
අකුරැස්ස, සියඹලාගොඩ පිටබැද්දර මාරිගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී පෙරේදා (25) පස්වරු 04.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
මෙදේරිපිටිය කනිටු විදුහලේ වසර 5ක් පමණ සේවය කර තිබූ භාග්‍යා වෙනත් පාසලක ස්ථාන මාරුවක් ලැබීම නිසා එම විදුහලේ පැවැති සමුගැනීමේ උත්සවයෙන් අනතුරුව සිය සැමියා වන ඉන්දික සමඟ මාකඳුරේ සිය නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී බෝපගොඩ ප්‍රදේශයේදී මේ අනතුරට ලක්වූහ.
යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පිටබැද්දර ව්‍යාපාරිකයකු අකුරැස්ස දෙස
සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඔවුන් යට කරගෙන ගොස් අසල
පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය සදහන් කරයි.
පාසලේ පැවැති සමුදීමේ උත්සවයේදී ඇය ලද ත්‍යාග පාර්සලය ද යතුරු පැදියේ තිබී එම ස්ථානයේ වැටී තිබුණි.වෑන් රථය දකුණට බර වී ධාවනය වී තිබූ බව පොලිසිය සඳහන් කරන අතර යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළ වෑන් රථයට යට වී තිබුණි.මහත් වෙහෙසක් දරා අසල්වැසියන් විසින් වෑන් රථය යටින් එළියට ගත් තුවාල ලැබූ දෙදෙනා රෝහල වෙත පිටත් කර යැවූ බව එහි සිටි පුද්ගලයෙක් පැවසීය.
ව්‍යාපාරික රියැදුරු අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට නොමැති බවත් අනතුරට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.මියගිය භාග්‍යා ගැබිනියක බව ද පොලිසිය වැඩිදුරටත් කීය.
රියැදුරු බීමත්ව සිට ඇති බවට පැතිරී යන කටකතා නිසා පොලීසියට මරණකරුවන්ගේ පාර්ශ්වයෙන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බීමත් රියැදුරන් පරීක්ෂණ නළ නොමැතිකම නිසා රියැදුරු අකුරැස්ස රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මානක විදානපතිරණ මහතාට ඉදිරිපත් කර අනතුරුව මාතර කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ යන්ත්‍රයට ඇතුළත් කර වාර්තාවක් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.සැකකාර ව්‍යාපාරික රියැදුරු ඊයේ (26) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලේ පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
දේහයන් ඊයේ (26) පල්ලේගම නිවසට රැගෙන යෑමට නියමිතව තිබූණි. අනතුරට ලක් වූ වෑන්රථය අකුරැස්ස දෙස සිට සියඹලාගොඩ දෙසට ධාවනය වී තිබූ අතර යතුරුපැදිය සියඹලාගොඩ දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වී තිබේ. බෝපගොඩ ප්‍රදේශයේදී යතුරුපැදිය වෑන්රථයේ ගැටීමෙන් මේ අනතුර සිදු වී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කරන ලද අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්වූවාය. ඇයගේ සැමියාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි. වෑන් රථයේ රියැදුරු අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පරීක්ෂණ පවත්වති.
0 Comments