anamaduwa-incident

ආණමඩුව, මරියායාම ප්‍රදේශයේ තරුණියක් මාස දෙකකට ආසන්න කාලයක සිට නිවසින් අතුරුදන් වී ඇති බවට ඇගේ භාරකරුවන් ලෙස කටයුතු කළ මිත්තණිය හා මුත්තණුවන් ආණමඩුව පොලීසියට පැමිණිලි කර

තිබේ.ආණමඩුව, මරියාගම නෙත්මි නානායක්කාර (18) නමැත්තියක මෙසේ අතුරුදන්ව ඇත.

ඇය පසුගිය ජූලි මාසයේ 27 වැනිදා රාත්‍රියේ සිට නිවසින් අතුරුදන් වී ඇති බවත් ඇය කුඩා කල සිට භාරකරුවන් ලෙස කටයුතු කල මිත්තණිය හා මුත්තණුවෝ පවසා සිටියහ.


මෙම භාරකරුවන් ඇය පිළිබඳ මාස දෙකකට ආසන්න කාලයක් සොයා ඇතත් කිසිදු තොරතුරක් නොමැති බව කියයි. නිවසේ කිසිදු ලෙසකින් සිත් රිදවිමක් හෝ වෙනත් කරුණක් නිසාවත් කිසිදු ගැටලුවක් නොතිබූ බවත් ඇය පිළිබඳ තොරතුරක් දන්නා අයකු ඇත්නම් මුත්තණුවන්ගේ දුරකථන අංකය වන 071- 4290553 හෝ ආණමඩුව පොලීසියට හෝ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙස ආණමඩුව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(හිරාන් ප්‍රියංකර)