anura-cabinet

 අද (23) උදෑසන 10.00 ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපති අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී සිය ජනපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
 මිනිත්තු 30 ක පමණ කෙටි හා චාම් අවස්ථාවක් ලෙස මෙය සිදුවනු ඇතැයිද වෙනත් සැමරුම් සංවිධානය කර නැතැයිද වාර්තාවේ.


ජනපති ධූරය ලැබීමත් සමග අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වන අතර ඒ අනුව ජාතික ජන බලවේගයේ
පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනා බවට ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වනු ඇත.
නව රජයේ කෙටි කාලීන අගමැති හා ඇමතිධූර මේ අය අතර බෙදෙන බවත් අගමැති ධූරය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පැවරෙනු ඇති බවත් වාර්තාවේ.


සෙසු ඇමති ධූර විජිත හේරත්, ලක්ෂ්මන් නිපුණආරච්චි සහ ජනපති අනුර කුමාර අතර බෙදී යන අතර මේ සිව්දෙනාගෙන් යුත්  මාස දෙකක පමණ  කෙටි කාලීන අමාත්‍ය මණ්ඩලයක් මගින් ඉදිරි මහමැතිවරණය අවසන් වන තෙක් රට පාලනය වනු ඇත.
නීති ප්‍රකාරව ලක්ෂ්මන් නිපුණආරච්චිගේ පත්වීම සිදු කළාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද (23) සවස බොහෝ විට සිදු කරන්නට නව ජනපති අනුර කුමාර කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.
මින් ඉහත මැතිවරණ කොමිසම පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 66 ක් තුළ මහමැතිවරණයක් පවත්වන්නට තමන් කණ්ඩායමට හැකියාව ඇති බවයි.
 පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.