anura-kumara-speaks

“අපි කියන කියන හැම එකක්ම සජිත් කොපි කරනවා. අපි බලයට ආ විට මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප, කාර් පර්මිටි, ජල බිල්, විදුලි බිල්, වරප්‍රසාද කපා හරිනවා. මේ ගැන සජිත් කීවොත් සජිත්ගේ වේදිකාවෙන් රැසක් බැහැලා යනවා” යැයි ජාතික ජනබල වේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර නගරයේ පෙරේදා 8 දා පැවති ජන හමුවේදී ප්‍රකාශ කළේය.



අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් මෙසේද කීය.

“මැණික් කර්මාන්තයෙන් පමණක් මේ රටේ පවතින අර්බුදවලින් විශාල ප්‍රමාණයක් විසදීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි දැනටමත් සැලසුම් හදා අවසන්.මැණික් කර්මාන්තය දියුණු කරන්න රත්නපුරයේ ඔබට බාරදෙනවා .අපි පතල් කපන්න එන්නේ නැහැ. අපි බාර් දාන්න එන්නේ නැහැ.අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනස්කම් රැසක් සිදුකරන්න පියවර ගන්නවා. අද දරුවන් වද විඳ විඳ කරන අධ්‍යාපන ක්‍රමයක් පවතින්නේ. ප්‍රධාන නගරවල මෙන් කිලෝමීටර් 3ක් තුළ සියලු පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලබන්න වැඩ පිළිවෙළක් ඇති කරනවා.

දුර පාසල් වලට යන්න අව්‍යය නැහැ අවශ්‍ය ගුරුවරු සපයන්නම්. පහසුකම් දෙන්නම්. රටේ දරුවන් ඉගෙන ගත්තොත් රටම ගොඩ යනවා.

විරුද්ධවාදීන්ට අද සටන් පාඨ නැහැ අද ඔවුන්ට ප්‍රධාන වී තිබෙන්නේ අපට අවලාද නැගීමයි. ඒ අතර මාධ්‍ය කීපයකුත් තිබෙනවා. ඒ අවලාද කීපයකට පිළිතුරු දිය යුතුව තිබෙනවා.

අද සජිත් කියන්නේ රනිල් සහ අප අතර ඩීල් එකක් තිබෙනවාලු. හැබැයි අපට රනිල් සමග ඩීල් නැහැ. ඩීල් එක තිබෙන්නේ අපයි ජනතාව අතරයි. අද රනිල් මිතුරා, යාළුවා යැයි කියම්න් කථා කළාට අපි බලයට පත්වූ විගසම මහ බැංකු හොරකම ගැන පරීක්ෂණ ආරම්භ කරනවා යාළුවා ඒ පමණක් නොවෙයි බාර් දුන්න ඒවා, එල්. ආර්. සී. ඉඩම් දුන්න ඒවා ගැනත් පරීක්ෂණ ආරම්භ කරනවා.