anura-kumara-sworn-in-ceremony

 ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (23)  උදෑසන 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස  ගාලුමුවදොර ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

නිල වශයෙන් ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම මැතිවරණ කොමසාරිස්වරවයා විසින් අද (22) රාත්‍රියේ සිදු කළ අතර අනතුරුව ඊළඟ පියවර ලෙස දිසානායක මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ හෙට දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී

නව ජනපතිවරයා ලෙස දුවුරුම්දීමෙන් පසු සිය තනතුරේ වැඩ අරඹනු ඇත.

මින් ඉදිරියට අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවන අතර ඔහුගෙන් හිස්වන අසුනට ඊළගට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි ඉබේ පත්වන බව ජාතික ජනබලවේගයේ ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේය.කෙසේ වෙතත් ඔහුට වැඩි දිනක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නොලැබේ.
ජනාධිපතිවරණය ජයග්‍රහනය කර ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මැතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා අවස්ථා කිහිපයකදීම දන්වා සිටි අතර අද පැවැත්වූ ස්තූති කතාවේදීද
මහ මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව නව ජනපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.


මෙවර මැතිවරණය සාමකාමීව පැවැත්වූ බවත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම පිළිබඳව සතුටු වන බවත් ඔහු එහිදී පැවැසීය.

ජාතික ජනබලවේගය වෙනුවෙන් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ හෙට (23) ජනපති දිවුරුම් දෙන අවස්ථාව සාමාන්‍ය ආකාරයට සිදුවන බවත් නැකැත් බැලීම් හෝ විශේෂ උත්සව සූදානම් කර නැති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර අවශ්‍ය කටයුතු කිහිපයක් ඉටුකරනු ඇති බවත් අමාත්‍ය ධූර සම්බන්ධ තීරණයක් ගනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.