ජාතික ජන බලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (14) රාත්‍රී සිරස ටීවී 'සටන' වැඩසටහනට එක්වී පැය 3 ක් පමණ තිස්සේ දීර්ඝ කරුණු දැක්වීමක් කළේය,
සජීවීව පැවති මෙම වැඩසටහන ලක්ෂ පහකට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ මේ වනවිට නරඹා තිබේ.දැක්වූ අදහස් ඇසුරින් සැකසූ ලිපියක මුල් කොටස මේ සමග පළවේ. (ඉතිරි කොටස් ඉදිරියේදී පළවේ)
අනුර සහෝදරයා කියන්න පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පොහොසත් රටක් අපෙන් හොරකම් කරලා තියෙනවා. ලස්සන ජීවිතයකුත් හොරකම් කරලා තියෙන්නේ. බොහෝ ආර්ථික දර්ශන තිබුණට මිනිස්සු ඉල්ලන්නේ එකයි හොරු අල්ලන්න දූෂකයෝ අල්ලන්න?
තමන් මුදල් උපයා ගත්තු ආකාරය තහවුරු කරන්න බැරිනම් ඒ දේපළ පවරා ගන්න පුළුවන්. මෑතකදී සම්මත කරන ලද දූෂණ විරෝධී පනත නිසා මෙහෙම ගත්තොත් නීතිය ප්රශ්නයක් නෑ. ඊලග මේ නීති ක්රියාත්මක කිරීමට ආයතන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තු අවශ්ය නම් විශේෂ ජනාධිපති විමර්ශන ඒකකයක් අරඹා විමර්ශනය කරන්න පුළුවන්.
නඩු පවරන අධිකරණ පද්ධති තිපෙනවා. මෙතෙක් කල් මේවා සිද්ධ වෙන්නේ වෙන විදිහකට. නීතිය අඩුවක් නිසා හෝ ආයතන පද්ධතිය අඩුවක් නිසා නොවෙයි සිද්ද වෙන්නේ දේශපාලන උවමනාව මත.
මොකද මේ පාලක කණ්ඩායම් දෙපාර්ශ්වයම දීර්ඝ කාලයක් මේ රටේ මහජන ධනය හොරකම් කරන්න ආස නිසා හැම විටම ඔවුන් වංචනිකයන් ආරක්ෂා කරනවා. පළමු කොටම ඔබ හොඳට තේරුම්ගන්න ඕන දූෂිතයෙක් කවදාවත් දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැහැ.
දඬුවම් දිය හැකි වන්නේ අදූෂිත ව්යාපාරයක් විතරයි. අපි බලයට එන්නෙ කාගෙවත් පළිගන්න කෝ කාගෙවත් ඇරියස් පිරිමහගන්න නෙවෙයි. නමුත් මේක යුක්තිය පිළිබඳ ප්රශ්නයක්.
අපේ ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව රෝගීන් මිය ගියේ. දරුවන්ට හරි අධ්යාපනයක් නැතුව තියෙන්නේ. අලුත විවාහ වූ දෙන්නකුට රස්සාවක් හොයාගන්න බැරුව ඉන්නෙ. තරුණයාට තරුණිය අත්හැර යන්න සිදු වී තිබෙන්නේ මේ මුළු ඛේදවාචකයෙ ප්‍රධාන හේතුව මේ දූෂණය. අනිවාර්යයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කොට අදාළ දේපළ පවරා ගන්න කටයුතු කරනවා මයි.
ඔබ සතුව අපි දැක්කා මහ විශාල ෆයිල් ගොඩක්. ඒවට මොනවද වුණේ?.
එකක් තමයි එදා මගේ ෆයිල් ඉදිරිපත් කරපු දවසේ එතනට ඇවිල්ල, මාධ්යවේදීන් සහ අනෙක් පුරවැසියන්ට කිව්වා කරන දේ.
ඒ ෆයිල් ගොඩෙන් අහඹු ලෙස ෆයිල් එකක් දෙකක් තෝරලා මම කරුණු ඉදිරිපත් කළා. ඔක්කොම සත්ය කරුණු මහින්ද කිව්වා මේ ෆයිල් වල ගැබ්වී තිබෙන්නේ අපේ රටේ අපරාධ බව. ඒ තොරතුරු යම් ප්රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මට්ටමේ පැවතුණා.
සමහර ෆයිල් කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අස්සේ හිරවෙලා තිබුන සමහර ෆයිල් කිහිපයක් අල්ලස් දූෂණ කොමිෂන් සභාව මග නතර වෙලා තිබෙන ඒවා. සමහර ෆයිල් කිහිපයක් මා සතුව විතරක් තිබෙනවා. මේවා ඇවිල්ල සාමාන්ය මංකොල්ල නෙවෙයි මේවට කියන්නේ 'වයිට් කොළ රොබරි' කියලා.
කවුරුත් දන්නව එයා ලංකා ගනුදෙනු එයා ලංකාවට එයාබස් මිලදී ගැනීමේදී සිදු වූ ගනුදෙනුව.
ලන්ඩන් අධිකරණයක එංගලන්තය, ප්රංශය සහ ඇමරිකාව කේන්ද්ර වෙලා හිටපු පරීක්ෂණය තමයි එළිදරව් වුණේ. කපිල චන්ද්රසේනගේ එකවුන්ට් එකට මුදල් ගිය හැටි.
කපිල චන්ද්රසේනගේ බිරිඳට ඩොලර් මිලියන දෙකක් ලැබුණා.
දැනට මේ තොරතුරු ඉතා එළිදරව් වෙලා තිබුන. හැබැයි මේවා අධිකරණයකින් බේරුම් කළ යුතු නඩු. මට බෑ පෞද්ගලික බැංකු ගිණුම පරීක්ෂා කරන්න.
ඒවගේම දැන් රට බංකොලොත් කළා කියලා. ඒකට වගකියන්න ඕන කියල ශ්රේෂ්ඨාධිකරණයේ නඩුවකින් නම් කරපු පිරිසක් ඉන්නවා. ඒක ට අධිකරණ ක්‍රියාවලියක් තිබෙනවා දැනට.
ඔවුන් දැනට වරදකරුවන් වෙලා තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකින්.නඩු තීන්දු පදනම් කරගෙන ඔවුන්ට අපරාධමය වරදක් ලෙස නඩු ගොනු කළ හැකියි. එය කළ හැකි වන්නේ නීතිපතිට.
අනුර කුමාර මහතා මේ දැන් මේ දවස්වල මිනිස්සු බලාගෙන ඉන්නෙ ඔබතුමාගේ මේ සංවර්ධනයටත් වඩා මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් කරන්න තමයි මේ චෝදනා ගොඩක් එන්නේ. පසුගිය දවස් ටිකේ ආපු චෝදනාවක් තමා මේ කතා කරපු ෆයිල් තිබ්බට නඩු දැම්මට බොරු නඩු කියලා. මේවා දේශපාලන පළිගැනීම් කියලා ඇත්තටම මේවායෙ ඇති සත්යතාවය මොකක්ද?
මම මතක නඩු කිහිපයක් යන එකක්. බැසිල් රාජපක්ෂ මල්වානේ නඩුව. බැසිල් රාජපක්ෂගේ මල්වානේ නඩුව ගොනු කළේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ. ඒ ගැන ඔහු ඉඩම සහ මේ නිවස මිලදී ගැනීම සඳහා මේ දේපළ සොයා ගත්තේ කොහොමද ඇහුවා. නඩුව වරෙක පැවරෙන්නේ මනිලාල් යටතේ.
පස්සේ ඔහුගේ නීතිඥවරු අධිකාරියට ගිහිල්ලා කිව්වා ඒ ඉඩම සහ ඒ ගේ ඔහුගේ නෙවෙයි කියලා.
මුදිත ජයකොඩි කියන ආකිටෙක්චර් ඊට පස්සේ සුමනදාස වෙලාව බලපු කෙනා ඊට පසු වැලිවේරිය පැත්තේ ලී බඩු ගත්තු තැනින් කට උත්තර අරගෙන කරුණු ගොනුකර තිබුණත් පස්සෙ කටඋත්තර වෙනස් වුණා.
වෙනස් වුනාට පස්සේ නීතිපති පාර්ලිමේන්තු අමුත්තාගෙන් කට උත්තර ගත්තේ නෑ. එතනින් තමයි ඒ නඩුව කෙළවර උනෙ.
අල්ලස් කොමිසම නඩුවක් පැවරීමේදී කොමසාරිස්වරුන් තිදෙනා විසින් අත්සන් කළ යුතුය. කොමසාරිස්වරු එක්කෙනෙක් විසින් අත්සන් කිරීම නිසා එළියට වැටුණු ඒවා තියනවා. ඒ නඩු එළියට වැටුණේ පරීක්ෂණ කරලා නඩුවෙන් හරි වැරැද්ද හොයලා බලලා නෙවෙයි.
ගෝඨාභය නඩුව ඉදිරියට ආපු එකක් ගෝඨාභය නඩු ගණනාවක් තිබුණා. ජනාධිපති වුණාට පස්සේ ඔහුගේ නීතිඥවරු අධිකරණයට කිව්වා ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න බැහැ කියලා. දැන් මේ නඩු ඔක්කොම නිදහස් වෙලා.
ඇවන්ගාඩ් සිද්ධිය වෙලාවේ දී පොලීසිය භාර ඇමතිවරයා තිලක් මාරපන. තිලක් මාරපන පාර්ලිමේන්තුවේදි කිව්වා. මේක සුළු සිද්ධියක් අපරාධයක් නෙවෙයි කියලා. පරීක්ෂණ භාරව ඉන්න තිලක් මාරපනම එහෙම කිව්වා. පස්සේ තිලක් මාරපනට ඇමතිකම දාලා යන්න වුණා. එතකොට මේගොල්ලො රකින අය පැහැදිලියි.
ඒ නිසා මම කියන්නේ මේ ක්රියාවලිය තිබෙන්නේ අණපනත්වල හරි අපරාදයක් සිදු නොවුන කියන කරුණු මත නෙවෙයි. මේවා පවතින්නේ දේශපාලන අධිකාරියේ කොච්චර උවමනාව මේවට තියනවද කියන එක මත.
රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියොත් එක්කෝ අඳුරන කෙනෙක් ඉන්න ඕන. රෝහලකට උනත් එහෙමයි. අල්ලස් දෙන්න ඕන.
අද පාස්පෝට් එකක් දීගන්න බෑ. මේවා බිඳ දාපු අය හොයන්න ඕනේ නැද්ද?
මේක ඒ ගැන දැන් අපි ගත්තොත්. ඔබට රාජ්ය සේවයත් එක්ක වැඩ කරන්න ගියපුවාම රාජ්ය සේවයේ අත්දැකීම තියෙනවා බිඳ වැටීම ගැන. ඔබ කවුරුහරි ගිහිල්ල බැලුවද සංචාරක කර්මාන්තයට මොකද වෙලා තියෙන්නේ කියල ඒ ඛේදවාචක ගැන.
පාසලට ගියොත් දැනෙනවා අධ්යාපනයේ ඛේදවාචකයක් ගැන.
අපි අධිකරණ පද්ධතිය පැත්තට ගියොත් ඒ පැත්තේ ඛේදවාචකයක් ගැන දැනෙනවා නම් ඒ සමස්ථ පද්ධතියක් ලෙස කඩා වැටිලා තිබෙන්නේ.
මේක ඇවිල්ලා රාජ්ය සේවය ඉතා හොඳින් කියද්දී අනිත් එක නරක්වෙලා එකක් හොදයි. අනිත් එක නරක් වන්නේ සමස්ථ පද්ධතියක් ලෙස මේක කඩා වැටිලා තිබෙන්නේ.
අපේ රටේ දේශපාලන අධිකාරිය ස්වාධීන රාජ්ය සේවා කොමිෂන් සභාව අහෝසි කරමින් දේශපාලන කැබිනට් මණ්ඩලයෙන් ස්ථිර ලේකම් තනතුරු අහෝසි කරමින් කැබිනට් මණ්ඩලයේ අමාත්ය ලේකම්වරු පත් කරන්න බලය අතට අරගෙන පත්කිරීම් මාරුකිරීම්, උසස්කිරීම් ඔවුන්ගේ බලය අතට අරගෙන පස්සේ රාජ්ය සේවා කොමිසම හැදුවට වැඩක් නෑ. සංස්කෘතියට ගිලිච්ච රාජ්ය සේවයක් ඉටු වුණා ද? මේ සියල්ල කඩා වැටිලා තිබෙන නිසා දැන් අපිට අවශ්යව තිබෙන්නේ සමහර දේවල් අපි හොයන්න ඕන.
විසි දාහක් දීලා පාස්පෝට් එක ගන්න ගියාම ගන්න බැරිනම් මොකක්ද මේ රට. මේ සමස්තයම දේශපාලන අධිකාරීන් විසින් ඇතිකළ ව්යසනයක්. මොකද?අපේ රටේ පාලකයන්ට කවදාවත් ඕන වුණේ නෑ. දිගුකාලීන සංවර්ධනය සහිත රටක් කරන්න.
පාලකයන්ට ඕන වුණේ ඒ වෙලාවේ තමන්ගේ කාලය තුළ අද අමාත්යාංශය භාරගෙන අද වාඩි වෙලා අද කීයක් හොයන්න පුලුවන්ද කියන එක මේ ඔක්කොම තියෙන්නෙ ඒකෙ. පාස්පෝට් එක ප්රමාදවීම තුළ තිබෙන්නේ තමන්ට කීයක් හොයනවද වගේ සාධක.
උප්පැන්න සහතිකය ත් එහෙමයි.මේ දේශපාලන අධිකාරිය තමන්ගේ පෞද්ගලික ලාභ උපයා ගැනීමේ අරමුණින් කොමිස් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ලබාගැනීමේ අරමුණින් කරන මෙහෙයුම තමයි සිද්ධ වෙල තියෙන්නෙ.
හිතන්න ඇමතිවරයෙකුට හොරකම් කරන්න බැහැ ලේකම්වරයා දන්නැතිව.
ඇමතිවරයා හොරකම් කරනකොට ලේකම්වරයාත් දන්නවා. ලේකම්වරයා හොරකම් කළ බව අතිරේක ලේකම්වරයා දන්නවා.අධ්යක්ෂ නියෝජ්ය අධ්යක්ෂ ලිපිකරුවන් මුරකරු දක්වා
උඩ ඉඳන් පහළ දක්වා මේ දූෂණ ධාරාවක් ඉල්ලා තියෙනවා නම් ඒක වෙනස් කරන්න වෙන්නෙ දේශපාලන ධාරාව තුළින්මයි.
මම හිතන්නේ අපි පැති තුකක අපරාධ ගැන කල්පනා කල තියෙනවා. එකක් ව්යවස්ථාමය අපරාධ ඊළඟ දින මූල්ය අපරාධ.
මිළදී ගැනීම් වලදී ටෙන්ඩර් ප්රදානය කිරීමේදී ඖෂධ ගෙන්වීමේදී මේ අති මූල්ය අපරාධ පරීක්ෂණ කරන්න ඕන. ඊළඟට ඝාතනය කරපුවා පැහැරගෙන ගියපුවා හොයන්න ඕන.
අනුරලා ආවොත්. කාර් දෙකක් එක් අයකුට බැහැ. එක කාර් එකේ ඔයා තනිවම යන්න එපා දෙන්නෙක් තුන්දෙනෙක් දාගෙන කොළඹ යන්න කියාවිද?
ධනය තියෙන අයට විරුද්ධ ඊර්ෂ්‍යා කරන දේශපාලන ව්යාපාරයක් නෙවෙයි අපි.
හැබැයි සමහර වාහන පාවිච්චි කිරීම පිළිබඳ අපි විවේචන එල්ල කරලා තිබෙනවා. ඒ රාජ්ය දේපල සම්බන්ධව.
සමහර අය නිවාස ඉදිකරගැනීම සඳහා ධනය උපයාගත් ප්‍රශ්න තිබෙනවා.මල්වානේ ගෙදර දෙමු. අපි ප්රශ්න කරන්නෙ බැසිල් ගෙයක් හදාගත්ත එකට නෙවෙයි.බැසිල් ගේ හදාගන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියන එක. අපි ප්රශ්න කරන්නේ ටොරින්ටන් වල ලක්ෂ 350 දීලා ශිරන්ති රාජපක්ෂ ගෙයක් ගත් එක නෙමේ. ඒක ගන්න සල්ලි කොහෙන්ද හොයාගත්තෙ නීතීයට අනුවද කියන එක.
පුද්ගලයන්ගේ ධනය වස්තුව පිළිබඳ ප්රශ්නයක් අපට නෑ. මේ දේශපාලන අධිකාරියත් ඒ දේශපාලන අධිකාරිය සමඟ සමීපතම නිලධාරි කණ්ඩායමක් විසින් මේ රටේ ධනය අයථා ලෙස උපයපු ධනය ගැන කතා කරනවා අපි. උපයපු ධනයට අපි නිසි පරීක්ෂණ පවත්වලා පවරාගත යුතුයි කියලා කියනවා.
රජය ධනය උත්පාදනය කරන්නේ එහෙමද?
ධනය උත්පාදනය කරන්නෙ පෞද්ගලික අංශයේ ව්යවසායකයා කර්මාන්තකරුවෝ තමයි. එසේ ධන උත්පාදනය කරන එකෙන් පංගුවක් ආණ්ඩුව අරගෙන වියදම් කරනවා. ආණ්ඩුව උපයන්නෙ නෑ. ධනය නිෂ්පාදනය කරන්නේ කරන්නෙ පෞද්ගලික අංශය.
රටේ අද ඇති වී තිබෙන මූල්ය අර්බුද ප්රශ්න තමයි භාණ්ඩාගාරයට වසරට අවශ්ය රුපියල් ප්රමාණය ලැබෙන්නේ. නෑ. රුපියල් ප්රමාණය ගන්න නම් එළියෙ තව තවත් ධනය උත්පාදනය වෙන්න ඕනෑ.
ඇත්තටම සැලසුම් සහගතව එළියෙ ධනය උත්පාදනය කරන සැලැස්මක් තිබුණේ නැහැ.උදාහරණයක් තමා අපේ සංචාරක කර්මාන්තය.
අපි සැලැස්මක් හදලා තියෙනවා. ඩොලර් බිලියන අටක ආර්ථිකයකට යන්න සංචාරක කර්මාන්තයෙන් . රජය බලන්නෙ කොතැනද අපිට යන්න පුළුවන් කියල තියෙන ලෝකයේ තත්වය රටේ තත්වය ගැන කල්පනා කරළා. අපි පෞද්ගලික ආයෝජකයන් කැඳවන්න ඕනා.
ඊයේ පෙරේදා ජාතික පුස්තකාලෙ රැස්වීමට ගිහිල්ලා කෑ ගැහුව බාධා කිරීම් කළා. දෙවැනි සිද්ධිය තමයි ආ ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ ඇතිවුණු සිද්ධිය. තව ස්ථාන කිහිපයකම ඒවා තියනවා?
ප්රශ්නයක් ඇතිවුණා කියලා මෙම සිද්ධිය හතක් අටක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. එතකොට දැන් මෙතෙන්දි නැගෙන විවේචනය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ ලොකු භීෂණයක් හදන්න හදනවා. රටපුරා ඒක තමයි ඒගොල්ලන්ගේ ප්රැක්ටිස් එක කියා ඊළඟට ඡන්දය ජයග්රහණය කෙරුවට පස්සෙත් මේ වගේ තත්ත්වයක් තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ කියලා.
ජයවර්ධනපුර ගැටුමක් නෑ. එතැන ගැටුමක් ඇතිවුණා යැයි කියලා ප්රවෘත්තියක් නිර්මාණය කරවලා.
ඔය රැස්වීමක කෑගැහුවලු.එතනත් අපේ සම්බන්ධයක් නැහැ. මේවා නිකං අවුලුවන්න හදන ප්‍රවෘත්ති. දැන් ඡන්දෙන් පස්සේ ගැටුමක් ඇති වෙනවා. ජවිපෙ ගමේ ජවිපෙ සාමාජිකයන් බලය අරගෙන හැසිරෙනවා වගේ කතාවකට අවශ්‍ය පිටපත තමයි මේ තියෙන්නේ.
අපි ඉතාමත් වගකීමෙන් කියන්නම්.ගැටුමක් අවශ්ය කාටද? ගැටුමක් අවශ්ය පරාජිතයාට ජයග්‍රාහකයාට නෙමේ.
අපි මේ ජනාධිපතිවරණය සහතික වශයෙන් දිනනවා.රටේ ඇඳිරි නීතිය දමා ගන්න ඕන නම් රටේ කලබලයක් ඇති කර ගන්න ඔක්කොම කරන්න ඕන පරාජිතයාට මිස ජයග්රහකයට නෙවි.
ඉතිහාසයේ හැමදාමත් මේ මැතිවරණ ජය සැමරුවේ අනෙකාට හිංසා කරමින් පෙට්රෝලියම් එක සීටීබී එක වරාය පාසල් වල ගුරුවරු මාරුකරනවා මේ වගේ තමයි පලිගැනීම් මම කියන්නේ මෙන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි.
ඉතා පැහැදිලිව අපේ අභිප්රාය අපේ ජයග්රහණයෙන් පසු අපට ඡන්ද නොදුන් අපිට වැඩ නොකළ වෙන පක්ෂයක් වෙනුවෙන් වැඩ කළ ඕනෑ කෙනෙකුට ප්රජාතන්ත්රවාදී ලෙස දේශපාලන කිරීමේ අයිතිය තහවුරු කිරීමත් නිය තුඩකින් හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
(අනුර කුමාර දිසානායක 14 දා රාත්‍රී සිරස ටීවී 'සටන' වැඩසටහනට එක්වී පැය 3 ක් පමණ තිස්සේ දීර්ඝ කරුණු දැක්වීමේ අදහස් ඇසුරින් සැකසූ ලිපියක මුල් කොටස ඉහත දැක්වේ. ඉතිරි කොටස් ඉදිරියේදී පළවේ)
0 Comments