ඇතැම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ගර්භාෂය ඉවත් කිරීම වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වල තමන්ට හිතවත් කම්කරුවන් මෙලෙස ශල්‍යාගාර තුළ තබා ගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.
රජයේ හෝ පෞද්ගලික ඕනෑම රෝහලක කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන විට අදාළ විශේෂඥ වෛද්‍යවරයා සහ රෝහල් කාන්තා කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන් ශල්‍යාගාර තුළ රඳවා ගැනීම සෞඛ්‍ය ආචාර ධර්මවලට මෙන්ම නීතියටද පටහැනි බව රජයේ වෛද්‍යවරු පවසති.
එහෙත් මෙම රෝහලේ ශල්‍යකර්ම සිදු කරන ඇතැම් අවස්ථාවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් නොවන පුද්ගලයන් එම කාර්යයට යොදාගන්නා බවත් එමගින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ෂ කිරීම් ආදිය සිදු වන බවත් පැවැසේ. එවැනි සිදුවීම්වලට මුහුණ පෑ කාන්තාවන කිහිප දෙනකු මේ පිළිබඳ රෝහල් පාලනාධිකාරිය දැනුවත් කර තිබුණද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණු බවද ඔවුහු පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ දුරකථන විමසුමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එච්. ලියනගේ සඳහන් කළේ මේ පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවයි. කෙසේ වෙතත් මේ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවැසීය.
(උපාලි ආනන්ද- අනුරාධපුරය)
0 Comments