arawinda-kumar

 අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර්   මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවෙසේ තිබු ඔහුට අයත් සියලු භාණ්ඩ සමගම එම නිවස නුවරඑළිය දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාරිවරිය විසින් වතු අධිකාරිවරයාට ඊයේ (05) බාර දෙනු ලැබීය.එම නිවස යළි වතු අධිකාරිවරයාට බාර දෙන ලෙස නුවරඑළිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය හා පිස්කල් නිලධාරිහු ලිදුල පොලිසියේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවෙසට පැමිණ එහි තිබූ අරවින්ද කුමාරි මහතාට අයත් සියලු භාණ්ඩ ලේඛනගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට එලෙස බාර දුන්හ.




එම අවස්ථාවේ රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා නිල නිවෙසේ නොසිටියේය.අරවින්ද කුමාර් මහතා කුමාර් මහතා 1987 වසරේ ලිඳුල ‘හෙන්ෆොල්ඩ්' වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කර ඇති අතර එම කාලයේ වතු පාලන අධිකාරිය, නිල නිවෙස වශයෙන් භාවිත කිරීමට මෙම නිවස අරවින්ද කුමාර් මහතාට ලබා දි තිබුණත් අරවින්ද කුමාර් මහතා වතුයායේ රැකියාවෙන් ඉවත් වීමෙන් පසු අදාළ නිල නිවස ආපසු වතු අධිකාරියට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටීමට එරෙහිව වතු පාලන අධිකාරිය නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.


දීර්ඝ කාලයක් පුරා නඩුව විභාග කළ නුවරඑළිය දිසා විනිසුරුවරයා එම නිල නිවසෙන් ඉවත් වන ලෙස නියම කරමින් අරවින්ද කුමාර් මහතාට එරෙහිව තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර නුවරඑළිය දිසා විනිසුරුවරයාගේ එම තීන්දුවට එරෙහිව අරවින්ද කුමාර් මහතා අභියාචනාධිකරණයට ද

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනා දෙකම ප්‍රතික්ෂේප කෙරුණු අතර නුවරඑළිය දිසා විනිසුරුවරයාගේ එම තීන්දුවට අනුව කටයුතු කරන ලෙස ඉහළ අධිකරණය විසින් නියම කෙරිණි.


ඒ අනුව නුවරඑළිය දිසා විනිසුරුවරියගේ නියෝගය මත ලිඳුල ‘හෙන්ෆෙල්ඩ්' වතුයායේ නිල නිවෙසට ලිදුල පොලිසියේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැමිණි අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය හා පිස්කල් නිලධාරිහු නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාණ්ඩ ලේඛනගත කිරීමෙන් අනතුරුව වතු අධිකාරිවරයාට බාර දුන්හ.
(රංජිත් රාජපක්ෂ)