badulla-incident

අනියම් සම්බන්ධතාවක් දුරදිග යෑමෙන් ඇති වූ ආරවුලක් මත අනියම් බිරියගේ සැමියාට වෙඩි තැබීමට යෑමේදී ඇතිවූ පොර බැදීමකදී විවාහක ගැබිනි බිරියට වෙඩි වැදීමෙන් පසු අනියම් බිරියගේ අවුරුදු 3ක දැරිය ඇපයට තබාගනිමින් පැහැරගෙන ගිය බව කියන කුරියර් සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය සඳහන් කරයි.35 හැවිරිදි යුද හමුදා හිටපු සෙබළෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු සතුව තිබූ ගිනි අවියක්, අත්බෝම්බයක්, ජීව උණ්ඩ 5 ක් සහ තියුණු ආයුධයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.මොහු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරුගේ ගැබිනි විවාහක බිරියගේ වම් උරහිසට බරපතළ තුවාල සිදුවී බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු 2009 වසරේ යුද හමුදාවෙන් ඉවත්වී පසුව කුරියර් සේවා ආයතනයක රැකියාවට බැඳී ඇති අතර මේ වනවිට එම ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස කටයුතු කරන බව විමර්ශකවලදී අනාවරණය වී ඇත.

මේ අතර ඔහු සේවය කරනු ලබන ආයතනයේ විවාහක කාන්තාවක සමග සැකකරු අනියම් සම්බන්ධතාවක් පත්වාගෙන ගොස් තිබූ අතර පසුව අනියම් බිරිය සහ විවාහක බිරිය ඇතුළු දෙපිරිස ඒකතුවී අනියම් සම්බන්ධතාව නවතා දැමීමට අනියම් බිරියගේ නිවසට පැමිණ සාකච්ඡා පවත්වා ඇති බව පොලීසිය පවසයි.ඉන් දින කිහිපයකට පසුව නැවත සැකකරු අනියම් බිරිය අවශ්‍ය බව පවසමින් අනියම් බිරියෙග් නිවස ඉදිරිපිටට බීමතින් පැමිණ ඇති බවත්, පසුව අනියම් බිරිය විසින් ඔහු නැවත නිවෙසට හරවා යවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය වූ දින සැකකරු, විවාහක බිරිය සහ දරුවන් දෙදෙනා අනියම් බිරියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී අනියම් බිරියට තමා සමග යෑමට පැමිණෙන ලෙස පවසමින් ආරවුලක් ඇති කර ගෙන ඇත. පසුව සැකකරු ඔහුගේ ඉනේ තිබූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ගෙන අනියම් බිරියගේ සැමියාට වෙඩි තැබීමට තැත්කර ඇති බව පොලීසිය පවසයි

අනතුරුව විවාහක බිරිය සැකකරුගේ අතේ එල්ලී වෙඩි තැබීම ව්‍යර්ථ කිරීමට යෑමේදී ඇගේ බිරියගේ වම් අතේ උරහිසට වෙඩි වැදී බරපතළ තුවාල සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

පසුව සැකකරු ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ අත්බෝම්බයක් ගෙන අනියම් බිරියගේ සැමියාට දමා ගැසීමට තැත්කර ඇති බ ද විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

පසුව වෙඩි වැදී තුවාල ලැබූ විවාහක බිරිය සහ අනියම් බිරියගේ අවුරුදු 3 දැරිය ද බලෙන් මෝටර් රථයේ නංවාගෙන රෝහලට රැගෙන ගොස් සිටියදී පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුගේ මෝටර් රථයේ තිබූ අත්බෝම්බයක්ද සොයා ගෙන තිබූ අතර මෝටර් රථය ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(සඳූපම සූරියආරච්චි)