baduraliya-incident

කාලෙක සිට පවතින ඉඩම් ආරාවුලක් හේතුකොටගෙන බෑණා කෙනකු වයස අවුරුදු 70 ක් වූ තම මවගේ සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කොට ඇතැයි බදුරලිය පොලිසිය කියයි .

පෙරේදා (14 වැනිදා) උදේ 6.30 ට පමණ මොරපිටිය ,අත්වැල්තොට ,අඹේගොඩ ,හීන්පන්විල ප්‍රදේශයේදී මෙසේ ඝාතනය කොට ඇත්තේ කොඩිප්පිලි ආරච්චිගේ රුක්මන් අප්පුහාමි නම්වූ අයෙකි .



සිද්ධියවූ දින තමා තේ ඉඩමේ වැඩ කරමින් සිටින විට නිවස දෙසින් ශබ්දයක් ඇසී ගොස් බලද්දී පියා වැටී සිටි බවත් සැකකරු “තෝවත් මරණවා " යැයි පැවසූ බවත් මිය ගිය අයගේ පුත් කොඩිප්පිලි ආරච්චිගේ මාධව මධුශංක යන අය පොලිසියට කර තිබූ ප්‍රකාශයේ සඳහන්වේ .

තමා ඉක්මනින් පියා ත්‍රීරෝද රථයකින් බදුරලිය රෝහලට ගෙන ගිය අතර ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව ඔහු කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .

බදුරලිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්‍ රුක්ස් කොළඹගේගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ .
(ලක්ඛිත විද්‍යාසේකර - කළුතර)