
13 හැවිරිදි වියේ පසුවන තම දියණියව දූෂණය කළ පියෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
පොලීසිය පැවසුවේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි අවු 13 හැවිරිදි පාසල් වියේ පසුවන තම දියණිය දූෂණයට ලක් කළ 44 හැවිරිදි පියෙක් අද (06) සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
මෙම දැරියගේ මව කොළඹ ප්‍රදේශයේ නිවසක සේවයේ නිරත වන අතර ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේදී දැරිය විසින් මේ පිළිබඳව මවට පවසා තිබෙයි.
ඒ අනුව මව විසින් බගවන්තලාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval