පොළොන්නරුව බකමුණ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවකයින් 500ක් පමණ අද (19) උදෑසන ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇත.
සේවා ස්ථානයේදී ලබා දුන් ආහාර පරිභෝජනයෙන් පසු සේවකයින් රෝගාතුර වී බකමුණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
බකමුණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදිකම නිසා සමහර රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අත්තනකඩවල ග්‍රාමීය රෝහලට මාරු කර ඇති බව වාර්තා වේ.
18 වෙනිදා සවස් වන විට මෙම රෝගී තත්ත්වය කිහිප දෙනෙකුට හටගෙන ඇතිතර 19 වෙනිදා සේවය සඳහා ඇඟලුම් කර්මාන්තයට පැමිණෙමින් අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔවුන් රෝහල් ගත කර ඇති අතර ඇගලුම් කර්මාන්තයේ සේවක, සේවිකාවන් 700 ක් පමණ සේවය කරන බවද දැනගන්නට ලැබිණි.
පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් මෙලෙස අසාධ්‍යවී තිබෙන අතර
අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්ත ශාලා බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුලත් කර තිබුණි.
18 වෙනිදා පැවැති උපන් දින සාදයකඩදි ලබාගත් ආහාරයක් විෂ වන්නට ඇතැයි සැකකෙරේ
බකමුණ සහ අත්තනකඩවල රෝහල්වලට ඇතුළත් කර ඇති රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
0 Comments