bakery-products-eg-products

 අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි. මිල සංශෝධනය අනුව බිත්තර රෝල්ස් රුපියල් 20කින් හා  සාමාන්‍ය බත් පාර්සලයක මිල රුපියල් 40කින්ද අඩුකෙරෙනු ඇත.


කෙසේ වෙතත් බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවත්  එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.